-
අගමැතිනියගේ සමලිංගික අදහස් ගැන ප්‍රශ්න ඇසූ මාධ්‍යවේදියාට අගමැතිනියගෙන් කන පැලෙන උත්තරයක්….
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හෙට ඇරඹෙන පාසල් වාරයේ දී 1 ශ්‍රේණිය සහ 6වන ශ්‍රේණිය මුල් කරගෙන ආරම්භ කරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය, සහ අග්රමාත්යවරියවන ආචාර්ය හරිනී අමරසූරිය පැවසුවාය.
ඇය පැවසුවේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ තත්ත්වයන් සමග පෙර තිබූ සැලසුම්වල යම් වෙනස්කම් සහිතව මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මකවනු ඇති බවය.
දරුවන්ට බාධාවක් හෝ අපහසුවක් ඇති නොවන ලෙස පැන නගින තත්ත්වයන් වෙත අනුගත වෙමින් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන බව ඇය කීවාය.
“1 වසරට සහ 6 වැනි වසරට ජනවාරි අග වෙනකොට මේ ප්‍රතිසංස්කරණයේ ස්වරූපය විෂය මාලාව තුළින් අත්විඳන්න පුලුවන්. ඒ සඳහා දරුවන්ට සුබ පතනවා. දෙමව්පියන්ට ආරාධනා කරනවා මේ ගමනට එකතු වෙන්න කියලා. “
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට පැමිණ විවෘත මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීමට ලක් වුන අගමැති ලෙස ඇය අද ඉතිහාසගත වූවාය.
මෙහිදී ඇයව දැඩි ප්‍රශ්න කිරීමකට ලක් කෙරුනි.
සම ලිංගිකත්වය වෙනුවෙන් පෙනී සිට එහි නීති රීති වෙනස් කිරීමට එකඟවුන තැනැත්තියක් රටේ අගමැති සහ අධ්‍යාපන ඇමති ලෙස සිටින අවස්ථාවක මෙම සමලිංගික සංකල්ප අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඇතුළුවීම කුමන්ත්‍රණයක්ම දැයි එක් අයෙක් අගමැතිනියගෙන් ප්‍රශ්න කළේය. සමලිංගික සම්බන්ධ නීති වෙනස්විය යුතුයැයි දරන මතය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අතර සම්බන්ධය කුමක්දැයි අගමැතිනිය පෙරළා ඔහුගෙන් විමසුවේය. අධ්‍යාපනයට සමලිංගික සංකල්ප ඇතුළත් විය යුතු බවට තමන් කුමණ අවස්ථාවක හෝ පැවසුවේ දැයි ඇය ප්‍රශ්න කළ තැනැත්තාගෙන් විමසුවේය.
තවත් අයෙක් විමසුවේ මේ තරම් දෙයක් වී ඇති අවස්ථාවක ලෝකයේ සදාචාරාත්මක පියවර වන්නේ තනතුරෙන් ඉවත්වීම බවත් අගමැතිනිය ඉල්ලා අස් නොවන්නේ මන්දැයි දැනගැනීමට කැමති බවත්ය. එයට පිළිතුර අගමැතිනියගෙන්ම ලබා ගැනීමට ඔහුට අවශ්‍ය විය. ඊට පිළිතුරු දුන් රජයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ එවැනි මතවාදයක් ඉතා සුළු කණ්ඩායමක් විසින් නිර්මාණය කරගෙන යන බවත් ඉංග්‍රීසි පෙළපොතෝ විකෘතිය හා එම කණ්ඩායම් සමග සම්බන්ධයක් තිබේද යන්න සෙවීමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දියත් කර ඇති පරීක්ෂණයේ ඉලක්කයක් බවය.







