සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුරුවරුන් 5000ක් මේ මොඩියුලයෙන් පුහුණු කරනවිටවත් ප්‍රශ්නයක් මතු වුනේ නෑ… ප්‍රශ්නගත මොඩියුලය ගැන අගමැතිනිය කියන කතාව…

by editor
ජනවාරි 4, 2026
in පුවත්
Share on FacebookShare on Twitter
  • එකම මොඩියුලයක්වත් දරුවන් අතට ගියෙ නෑ… දැනගත්ත ගමන් ගබඩා සීල් කළා…

  • රටේ සමහර පිරිස් ගොඩනගන්න හදන සංකල්පය සහ මේ සිදුවූ වැරැද්ද අතර ඉතාම සමීප සම්බන්ධතාවයක් තියනවා… අපට ඇතිවන සැකය එයයි….

  • මේ තරම් දැඩි අධීක්ෂණයක් යටතේ නිර්මාණය කරපු මොඩියුලයක මේ තරම් බරපතල වැරැද්දක් වුනේ කොහොමද කියලා අපි නිවැරදිව හොයා ගන්නවා…

දැඩි අධීක්ෂණයක් සංවාදයක් සමග නිර්මාණය කරන මොඩියුලයක මේ ආකාරයේ බරපතල වැරැද්දක් ඇතිවීම සම්බන්ධව බරපතල සැකයක් ඇතිවන බවත්  මේ වනවිට සමාජයේ යම් පිරිසක් විසින් ගොඩනැගීමට උත්සාහ කරන සංකල්පය සහ මෙම බරපතල වැරැද්ද අතර ඇති සමපාත ස්වරූපය ක්‍රියාවලිය සම්බන්ධව සැක උපදවන බවත් අද (04) අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය පැවසුවාය.

ඇය මේ බව ප්‍රකාශ කළේ රටේ අගමැතිවරිය සහ අධ්‍යාපන ඇමතිවරිය ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට මුහුණ දෙමින්    මාධ්‍යවේදීන් නගන ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ඇය පෙන්වා දුන්නේ මේ මොඩියුලයෙන් දින හතරක වැඩමුළු සහිතව ගුරුවරු 5000ක් පුහුණු කරවන තෙක් මෙම වෙබ් අඩවිය සම්බන්ධව ප්‍රශ්නය කිසිවෙක් විසින් මතු නොකළ බවය.

එම මාධ්‍ය හමුව අමතමින් ඇය මෙසේ ද පැවසුවාය.

“ප්‍රශ්නකාරී මොඩියුලය ගැන දැනට අධ්‍යාපන අමාත්‍යාංශය අරන් තියන පියවර ගැන මම කියන්නම්.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

අප ඒ මොඩියුලය ගැන ප්‍රශ්නය හඳුනාගත් විගසම   මුලින්ම කළේ මොඩියුලය සීල් කරපු එක. දරුවන්ට නොයන්න අපි වැඩ කටයුතු කළා. ඒ වනවිට අපේ ගබඩාවල මොඩියුල් එක තිබ්බේ. ඒ ගබඩා සීල් කළා. දරුවන්ට බෙදා හරින ක්‍රියාවලිය අත්හිටෙව්වා.

පසුව මූලික කරුණු විමසීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළා. අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරු තුන් දෙනෙක්ගෙන් එම කමිටුව සමන්විත වුනා. ඒ කමිටුව ඔවුන්ගේ වාර්තාව දින දෙකක් ඇතුළත අපට ලබා දුන්නා.

ඒ වාර්තාවට අනුව අපි ඊලඟ පියවර ලෙස මූලික විමර්ශනයක් කරන්න  සැලසුම් කරලා තියනවා. අපි බලාපොරොත්තු වෙනවා විශ්‍රාමික ලේකම් රංජිත් ආරියරත්න මහත්මයා ඒ සඳහා පත් කරලා ඒ විමර්ශනය ආරම්භ කරන්න.  ඒ සදහා අනුමැතිය ලබා ගන්න ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක මණඩලයට අපේ වාර්තාවත් යෝජනාවත් ඉදිරිපත් කරන්න අපි කටයුතු කරමින් ඉන්නවා.

ඒ වගේම ජාතික අධ්‍යාපන ආයතනය ඔවුනගේ අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කරලා තියනවා. ඒකත් දැනට ක්‍රියාත්මකයි. ඒ මේක කවුද කළේ කොහොමද කළේ කියලා හොයා   පුලුවන් මේ විමර්ශනය තුළ.

“නමුත් මේක පිටිපස්සේ ඊට වඩා මොකක් හරි ලොකු හේතුවක් තියනවද, මේක මෙලෙස සිද්ධ වුනේ ඇයි, කොහොමද මේක    සිද්ධ වුනේ, ඇයි මේක මේ විදිහට වරද්දා ගත්තේ කියන කාරණය අපට ගැටලුවක්.”

“ජාතික අධ්‍යාපන ආයතනයේත් අධ්‍යාපන අමාත්‍යාංශයේත් මොඩියුල පිළියෙළ  කිරීමේ ක්‍රියාවලිය පැහැදිලිවම  පියවර ගණනාවකින් තිබිය දී සාකච්ඡා සියල්ල තිබිය දී… ඒත් මේ වැරැද්ද කොහොමද සිද්ධ වුනේ කියන එක…  පිටිපස්සේ යම් කිසි වෙන හේතුත් තියනවද කියලා අපට සාධාරණ සැකයක් තියනවා. “

“ඒ නිසා තමයි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සීඅයිඩී පැමිණිල්ලකුත් කරලා තියෙන්නේ. ඒ විමර්ශනයත් ඒ විදිහට යනවා.   සිදුවන විමර්ශනය හරහා එන නිර්දේශ  අනුව අපි ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා වගේම සීඅයිඩී විමර්ශනයේ නිර්දේශ අනුවත් ඉදිරි වැඩ කටයුතු කරනවා.

මේ සම්බන්ධව ගත යුතු සියලුම ක්‍රියාමාර්ග රැගෙන ඇතැයි අගමැතිනිය කීවාය.

“දරුවන්ගේත්,  රජයේත් අධ්‍යාපන අමාත්‍යාංශයෙ  සියලුම ආයතනවලත් එකම අරමුණ වෙලා තිබ්බේ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම. සමාජය තුළ උනත් ඇති වෙලා තිබුණේ ප්‍රතිසංස්කරණ අවශ්‍යයයි  කියන කථිකාවක්.  මේක ඉතාම සද් භාවයෙන් කරන්නේ.  මේ  වැදගත් මැදිහත් වීම සංවර්ධනයට අතිශය අවශ්‍යයයි.  ඒ සම්බන්ධයෙන්    විවිධ පාර්ශවවලින් වෙනත් දේශපාලන කණ්ඩායම්වලින් සිදුකරන දේශපාලන විකෘති කිරීම් ගැන කණගාටු වෙනවා.”

මෙය කුමන්ත්‍රණයක් යැයි සිතන්නේ දැයි මාධ්‍ය විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැතිවරයි පැවසුවේ මේ ක්‍රියාවලිය සිදුවූ ආකාරය සම්බන්ධව සැකයක් ඇති නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරික්ෂණ වාර්තාව එනතුරු මේ සම්බන්ධව විවෘත මනසකින් බලා සිටින බවය.

ගුරුවරු පන්දහසක් දින 04ක් තිස්සේ කළ වැඩමුළුවලදී මේ ප්‍රශ්නය කිසිවෙක් මතු නොකළ බව අගමැතිවරිය පැවසුවාය.  ඇය කීවේ කිසිම ආකාරයක කථිකාවක් ඒ සම්බන්ධව පැන නොනැගුන බවය.

“මේක වෙබ් ලින්ක් එකක් ලෙස නෙමෙයි තියෙන්නේ. ඒ නිසා මේ ගැන අවධානය යොමු නොවන්න ඇති බවට අපිට සැකයක් තියනවා…” අගමැතිනිය කීවාය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හෙට ඇරඹෙන නව පාසල් වාරයේ දී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා… අගමැතිනිය කියයි!

Next Post

ඇමරිකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කළ යුතුයි…  රජයේ ස්ථාවරය ගැන විදේශ ඇමති කියයි!

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.