එක්සත් ජාතීන්ගේ මූලික ප්රඥප්තිවලට සහ මූලධර්මවලට පටහැනි හැසිරීම සම්බන්ධයෙන් එම සංවිධානය ඇමරිකාවට එරෙහිව කටයුතු කළ යුතු බව ඇමරිකාවේ වැනිසියුලා ආක්‍රමණය සම්බන්ධව ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය බව විදේශ කටයුතු ඇමති විජිත හේරත් පැවසුවේය.
අද (04) සවස ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් විදේශ කටයුතු පිළිබඳ ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්රඥප්තිවලට අනුකූලව ප්‍රතිපත්තිවලට අනුකූලව රටක ස්වාධීනත්වය ආරක්ෂාවන අයුරු කටයුතු කිරීම තමයි අනිවාර්යයෙන්ම කළ යුත්තේ. එය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම සාමාජික රටවල් බැඳිලා ඉන්නවා.
ඒ අනුව වහාම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් හෙට කැඳවා තිබෙනවා. අපේ පැත්තෙනුත් ඒ හමුව ඉක්මන් කරන්න කියලා අපි කියනවා.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මේ මූලික ප්රඥප්තිවලට පටහැනිව මූලධර්මවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. ඒක තමයි අපේ ස්ථාවරය.







