මනම්පිටිය නිමල් ජයරත්න –
ම්ලේච්ඡ ඝාතකයෙක් විසින් මොරගහකන්ද ජලාශයට ආසන්නව ගිරිතලේ ඇළහැර අභයභූමියේ සැරිසරමින් සිටි අවුරුදු හයක් පමණ වයසැති ඇත් පැටවකුගේ හිසට වෙඩි හයක් තබා ඝාතනය කර ඇතැයි ඇළහැර වනජීවී කාර්යාලය සඳහන් කරයි.

මොරගහකන්ද කළුගග මාර්ගයේ ජලාශයට කිලෝමීටර් දෙකක් පමණ ආසන්න මාර්ගයක් අසල මියගොස් සිටියදී මෙම ඇත් පැටියා හමු වූ බව ඇළහැර අඩවි ආරක්ෂක සුනිල් ශාන්ත අප කළ විමසීමකදී සඳහන් කළේය.

මෙම ඝාතනය පිළිබඳ මරණ පරීක්ෂණ කටයුතු වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ වනජීවී පශු වෛද්‍යය සමීර කලිඟුආරච්චි ඇතුළු වනජීවී නිලධාරි කණ්ඩායමක් විසින් අද (04) පෙරවරුවේ සිදු කිරීමට නියමිත බව ඇළහැර අඩවි ආරක්ෂකවරයා කීවේය.
ඇළහැර ප්‍රාදේශීය ලේකම් සී.එම්.සී. කරුණරත්න ද 03 වෙනිදා රාත්‍රියේ ඇත්පැටියා මියගොස් ඇති ස්ථානයට ගොස් පරික්ෂාවට ලක් කලාය.







