සිය ආයෝජන හරහා සම්පත් බැංකුවේ දෙවන විශාලතම කොටස් හිමියා බවට පත්ව සිටින මාධ්‍ය දැවැන්තයකු වන රෙනෝ සිල්වා ඊයේ (21) සෙලාන් බැංකුවේ සියයට 5කට ආසනන් කොටස් මිලදී ගෙන එහිද ප්‍රධාන පෙළේ කොටස් හිමියකු බවට පත්විය.
කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග උපුටා දක්වන ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත වාරතා කළ ආකාරයට ඔහු විසින් මිලදී ගනු ලැබ ඇත්තේ ධම්මික පෙරේරා විසින් අතහරින ලද සෙලාන් කොටස්වන අතර එහි වටිනාකම රුපියල් මිලියන 1570ක් (කෝටි 157ක්) බව සඳහන් වේ.
හිරු මාධ්‍ය ජාලයේ හිමිකරුවා වන රේනෝර් සෙලාන් බැංකුවේ වරණීය කොටස් මිලියන 15 ක් මිලදී ගෙන ඇත්තේ කොටසක් රුපියල් 105 කටය. .
සමස්තයක් ලෙස සෙලාන් හි කොටස් මිලියන 16.68 ක් ගනුදෙනු 300 ක් හරහා රුපියල් බිලියන 1.76 කට හුවමාරු විය. එය රුපියලකින් වැඩි වී රුපියල් 110 කින් ඊයේ දිනයේදී අවසන් වී ඇත. .
රෙනෝ සිල්වාට අයත් පැන්තම් ඉන්වෙස්ට්මන්ම් නමැති ආයෝජන සමාගම හරහා සම්පත් බැංකුවේ ආයෝජනය කළ ඔහු මේ වනවිට සම්පත් බැංකුවේ 10% ක් කොටස් හිමි කරගෙන එහි දෙවන විශාලතම කොටස් හිමයා බවට පත්ව ඇත. සම්පත් හි වැඩිම කොටස් හිමිකාරීත්වය දරන්නේ ධම්මික පෙරේරාගේ පාලනයේ ඇති වැලිබල් වන් සමාගමයි.
මීට අමතරව රෙනෝ සිල්වා DFCC බැංකුවේද සමස්ත කොටස්වලින් 9.73% ක හිමිකරගෙන ඇති අතර මෑතකදී කොමර්ෂල් බැංකුවේ 1% ක් අත්පත් කර ගෙන ඇත.







