ජනාධිපතිවරණයෙන් පසු පළමු වරට හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.
රනිල් වික්‍රමසිංහ සිය දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම මැතිවරණයේ ජාතික ලයිස්තුවෙන් හෝ තරග වදින්නේ නැති අතර සිලින්ඩරය ලකුණින් තරග කරන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට නායකත්වය ලබා දීමට තීන්දු කර තිබේ.
රනිල් වික්‍රමසිංහ සිය විශේෂ ප්‍රකාශය ඔස්සේ රටේ දේශපාලන හැසිරීම් මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමට නියමිත බව වාර්තා වේ.







