බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගොවි සංවිධාන ලොක්කෙක් මහවැලියේ සහයත් අරන් වලස්ගල රක්ෂිතය වසනයි!

by editor
ඔක්තෝබර් 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

දිඹුලාගල, ඇල්ලේවැව මහවැලි කොට්ඨාසයේ අක්කර 35 කින් පමණ යුත් වලස්ගල රක්ෂිතය කිසියම් පුද්ගලයකු විසින් මේ දිනවල ඩෝසර් දමා විනාශ කරමින් සිටී.

වාර්තා වන්නේ ජේ.සී.බී, යන්ත්‍රයක් යොදාගෙන මෙම කැලෑ පාලුවා මෙම රක්ෂිතය වනසමින් සිටින බවය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මෙම වලස්ගල රක්ෂිතය වන අලින්ගේ මෙන්ම වන සතුන්ගේ නිජ භූමියක් බවට පත්ව තිබු බවත් එය විනාශ කිරීම හේතුවෙන් දැවැන්ත පරිසර සංහාරයක් සිදු වෙනවා සේම අලි, මිනිස් ගැටුම උග්‍ර වීමට බොහෝ දුරට බලපානු ඇති බව මේ වනවිට පරිසර සංවිධාන අනතුරු අඟවා තිබේ.

ඉඩම් බැහැර කිරීම ජනාධිපතිවරයා විසින්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට තහනම් කර ඇති වකවානුවක මෙම ඉඩම් රක්ෂිතය වැනසීම හාස්‍යයට කරුණක් බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

අප මෙම විනාශය පිළිබඳ ප්‍රදේශයේ ඒකක කළමනාකාරවරයාගෙන් දුරකථනයෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, අනවසර වගාකරුවන් කිහිපදෙනෙකු විසින් එම විනාශය සිදුකරන බවත්, ඔවුන්ට විරුද්ධව නඩු පවරා තිබිය දී එක් පුද්ගලයෙක් යළිත් අනවසර වගාවන් සිදු කිරීමට උත්සාහ දරන බවත්ය.

මේ පිළිබඳව පොලිසිය සහ මහවැලි උසස් නිලධාරින් දැනුවත් කිරීමෙන් අනතුරුව එම විනාශය වැළැක්වීමට කටයුතු කර ඇති බව ඔහු කීවේය.

අප මේ සම්බන්ධයෙන් ඇල්ලේවැව මහවැලි කොට්ඨාස කළමණාකාරා ආර්.ඒ. ඉන්ද්‍රාණිගෙන් දුරකථනයෙන් කල විමසීමකදී ඇය පැවසුවේ කොට්ඨාස ගොවි සංවිධාන සභාපතිවරයාගේ කුඹුරේ කුණු ඇල සකස් කිරීමට එම ජේ,සී.බී යන්ත්‍රය යොදා ඇති බවත්, ඉන් එතරම් හානියක් සිදු නොවන බවත්ය. එහෙත් ඉතා පැහැදලිව මෙම රක්ෂිතය විනාශ කරමින් වගා බිමක් සකස් කරන ආකාරය ය.

මෙම විනාශය පිළිබඳ අනතුරුව අප මහවැලි බි කලාපීය කොට්ඨාස කළමනාකාර සුගත් විරසිංහගෙන් විමසුවෙමු. ඔහු සඳහන් කළේ කොට්ඨාස ගොවි සංවිධාන සභාපතිවරයාගේ කුඹුර සකස් කිරීමට අවශ්‍ය කටයුතු කර ඇති බවත්, එය තමන් නිරීක්ෂණය කර ඇති බවත්ය.

ප්‍රදේශවාසීන් පවසන්නේ ඉතාම නිර්දය ලෙස මෙම ව්‍යසනය මහවැලි අධිකාරිය විසින් වසා දමන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශපාලකයින්ට දැන් මිනිස්සු රවට්ටන්න බෑ… ඡන්දෙදි කරන්න ඕන දේ ඔවුන් දන්නවා… දැන්වත් එකතු වෙලා වැඩ කරන්න… මල්වතු මහා නායක හිමියෝ සජබ දේශපාලන ලොක්කන්ට කියති!

Next Post

හිටපු ජනපති රනිල් විශේෂ ප්‍රකාශයකට සැරසෙයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.