හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රෝගී තත්ත්වය සම්බන්ධව දිගින් දිගටම පරීක්ෂා කළ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරු ඔහුව ජාතික රෝහලට වෙත යැවීමට නිර්දේශ කර තිබේ.
රුධිර පීඩනය ඉහළයෑම සහ සීනි මට්ටම ඉහළයෑම සහ හෘද රෝග අවධානමක් තිබීම හේතුවෙන් බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපතිවරයා ඊයේ (22) බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබිණි. ඔහුට නිවසින් ගෙනෙන ආහාර පරිභෝජනයට බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව බන්ධනාගාර මූලස්ථානයේ අනුමැතිය හිමි වූයේය.
වැඩිදුර ප්‍රතිකාරයන් සදහා ජාතික රෝහලට ඇතුළත් කළ හිටපු ජනාධිපතිවරයා ප්‍රභූවරුන් රදවා ගැනිමට ඇති වාට්ටුවට (ගෙවන වාට්ටු ) ඇතුළත් කර තිබේ.







