2022 වසරේ ජුලි 09 වැනිදා ජනතා විරෝධතාව අතරතුර කොටුව ජනාධිපති නිල නිවසින් සොයා ගැනුණු රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක් ගැන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්රකාශයක් ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට අද (13) නියෝග කළේය.
සිද්ධියට අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසය වෙත මෙම නියෝගය නිකුත් කළේය.
2022 ජුලි මාසයේ මහජන විරෝධතා වලින් පසුව, ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් පිරිසක් කොටුවේ ජනාධිපති නිල නිවසට කඩා වැදුණු අතර එහිදී රුපියල් මිලියන 17.5 ක මුදල් ප්රමාණයක් සොයා ගැනුණි.
ඉන් අනතුරුව එම මුදල් ගණන් කර විරෝධතාකරුවන් විසින් කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත භාර දුන්නේය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්රකාශයක් සටහන් කර ගන්නා ලෙස කොටුව මහේස්ත්රාත් අධිකරණය අද පොලිසියට නියෝගයක් කළේය.







