ඔස්ට්‍රේලියාවේ හිටපු ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර් ශ්‍රී ලංකා පුහුණුකාර තනතුර භාර ගැනීම සඳහා ඇති කැමැත්ත පිළිබඳව ඔහු සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාව උනන්දු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා පවසයි.
ඕස්ට්‍රේලියානු මාධ්‍යවලට අනුව, ශ්‍රී ලංකාවට ඔවුන්ගේ ජාතික කණ්ඩායමේ පුහුණුකරු වීමට “පියෙකුගේ භූමිකාවක්” අවශ්‍ය බව අරවින්ද ද සිල්වා පවසා තිබේ. එම භූමිකාව භාර ගැනීමට කැමති නම් ජස්ටින් ලැන්ගර් සමඟ කතා කිරීමට උනන්දු වන බවත් ඔහු පවසා ඇත.
මිකී ආතර් පසුගිය වසරේ එම තනතුරෙන් ඉවත්වීමෙන් පසු නව පූර්ණ කාලීන පුහුණුකරුවෙකු සෙවීමේ මෙහෙයුමක ශ්‍රී ලංකා ක්‍රිකට් නිරතව සිටී.
ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක රුමේෂ් රත්නායක මේ දිනවල පැවැත්වෙන ඕස්ට්‍රේලියානු සංචාරයේ තාවකාලික පුහුණුකරු ලෙස කටයුතු කරයි.







