අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිඟමනට වැටුණු තෙල් සංස්ථාව විගණනයත් හොල්මන් කරමින් කළ කොමිස් බෙදිල්ල…

by editor
දෙසැම්බර් 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද – 

  • බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 6500ක වැඩිපුර කොමිස් මුදල් ගෙවලා.

  • එක් දිනක් තුළ වැඩිපුර ගෙවු කොමිස් මුදල් රුපියල් මිලියන 67.9ක්.  වැඩිපුර කොමිස් මුදල් ගෙවිම නිසා ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටරයක් වෙනුවෙන් 64ක් සහ, ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් වෙනුවෙන්  11.10ක් පාරිභෝගිකයින්ට වැඩිපුර ගෙවිමට සිදුවෙලා.

  • නියෝජිතයින්ට අතිරේක කොමිස් මුදලක් ගෙවමින්  ඉන්ධන බෙදාහැරිමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක විගණනයටත්  පැහැදිලි නැතිලු.

ඛනිජතෙල් ආනයනය කිරීම සඳහා ඩොලර්   සපයා ගැනීමට අවශ්‍ය රුපියල් ප්‍රමාණය සපයා ගැනීමේ  අර්බුදයකට ඛනිජතෙල් නීතිගත සංස්ථාව පත්වි තිබිය දී  එම සංස්ථාව විසින්  අධ්‍යක්ෂක මණ්ඩල තිරණයට පටහැනිව  බෙදුම්කරුවන් සඳහා ඉකුත්  දින 50ක (2022 ජුලි 26 සිට  සැප්තැම්බර් 15) කාලය තුළ   රුපියල් මිලියන 6,500කට අධික කොමිස් මුදලක් වැඩිපුර ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එමෙන්ම   රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ  බෙදුම්කරුවන්ට දෛනිකව ලබාදෙන ඛනිජතෙල්  සැපයුම තුනෙන්  දෙකක මට්ටමකට සිමාකර තිබුණි.

මේ නිසා  අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණයට අනුව  2022 ජුලි මස  26 දිනට බෙදුම්කරුවන්ට  ගෙවිය යුතු නියමිත කොමිස් මුදල  රුපියල් මිලියන 30.7කි.

එහෙත් අධ්‍යක්ෂක මණ්ඩලයේ තිරණය   නොසලකා දිනකට රුපියල් මිලියන  98.6ක්  බෙදුම්කරුවන්ට ගෙවීම හේතුවෙන්  එක් දිනක් තුළ  ගෙවනු ලැබු වැඩිපුර කොමිස් මුදල රුපියල් මිලියන 67.9කි.

එදින සිට මාසයක් තුළ වැඩිපුර ගෙවා තිබු කොමිස් මුදල රුපියල් මිලියන 1960 ක් ( බිලියන 1.96ක්) බවද විගණන වාර්තාවේ සඳහන් වේ. දෛනික ඛනිජතෙල් සැපයුම් සිමාකොට  තිබයදී පවා  ඉහළ සීමාව නොසලකා බෙදුම්කරුවන්ට කොමිස් මුදල් ගෙවා තිබුණි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

මේ නිසා වසරකට ගෙවියයුතු කොමිස් මුදල රුපියල් මිලියන 24,444ක් විය. ( බිලියන 24.44ක්).

මෙසේ වැඩිපුර ගෙවිමට සිදුවන කොමිස් මුදල සංස්ථාවේ සේවකයින් සඳහා ගෙවනු ලබන අතිකාල දිමනා, ප්‍රසාද දිමනා, හා වෙනත් සියලු දිමනාවල සමස්ථ සේවක පිරිවැය මෙන්  හතර ගුණයකට අධික බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

මෙම මුදලින් වසරකදි  නව ඉන්ධන පිරවුම්හල් 400 ක් (ඉඩම් හැර)  ඉදිකිරිමට හැකි බවද විගණන වාර්තාවේ සදහන් වේ.

බෙදුම්කරුවන් සදහා කොමිස් මුදල් වැඩිපුර ගෙවිම මත ඛනිජතෙල් පාරිභෝගිකයින් ඔවුන් විසින් පාරිභෝජනය කරණු ලබන සෑම ඔක්ටේන්  92 වර්ගයේ  ඔක්ටෙන් පෙට්‍රල් ලිටරයක් සඳහාම රුපියල් 8.64ක මුදලක් වැඩිපුර ගෙවීමට සිදුවනු ඇත.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සඳහා වැඩිපුර  ගෙවීමට සිදුවන මුදල රුපියල් 11.10කි.

ඩිසල් ලිටර් 01ක් සදහා (LAD)  රුපියල් 9.27ක මුදලක්ද ,LSD ඩිසල් ලිටරයක් සඳහා රුපියල් 10.95ක වැඩිපුර මුදලක්ද පාරිභෝගිකයින්ට ගෙවීමට සිදුවන බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම ඉකුත් වර්ෂයේ දි (2021) තෝරාගත් අලෙවි නියෝජිතයින් 05 දෙනෙකු සඳහා අතිරේක කොමිස් මුදලක් ගෙවමින්  ඉන්ධන බෙදාහැරීම හේතුවෙන්  රුපියල් මිලියන 132.453ක තවත් අතිරේක කොමිස් මුදලක් ගෙවා තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් තෝරාගත් අලෙවි නියෝජිතයින්ට  අදාළ කොමිස් මුදල්  ලබාදි  සෘජුවම පාරිභෝගිකයින් වෙත ඉන්ධන බේදාහැරිමේ ක්‍රමවේදයක්  2008 වර්ෂයේ සිට ක්‍රියාත්මක කොට තිබුණි. සංස්ථාවට  සෘජුවම පාරිභෝගිකයින් වෙත  ඉන්ධන අලෙවි කිරිමේ හැකියාව තිබියදී  නියෝජිතයින්ට අතිරේක කොමිස් මුදලක්  ගෙවමින්  මෙවැනි ඉන්ධන බෙදාහැරිමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරිමේ පදනම විගණනයට ද  පැහැදිල නොමැති බව  විගණන වාර්තාවේ සඳහන් වේ.

අධ්‍යක්ෂක මණ්ඩල තිරණයට අනුව 2019 වර්ෂයේ දි ඛනිජ තෙල්වල දේශිය වෙළඳපොළේ  මිල  උච්ඡාවචනයන්ගේ බලපැම් මත  ඉහළ සහ පහළ සිමාවන්ට යටත්ව  බේදුම්කරුවන් සඳහා  ගෙවනු ලබන කොමිස් ප්‍රතිශතය තීරණයකර තිබුණි.  විනිමය හිඟය හේතුවෙන් ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ දේශිය  ඛනිජතෙල් නිෂ්පාදනවල මිල ගණන්  සිඝ්‍රයෙන්  ඉහලගොස් තිබුණි.

එහෙත් සංස්ථාවේ සභාපතිවරයා විසින්  අධ්‍යක්ෂක මණ්ඩලයේ  අනුමැතියට යටත්ව  ඉහළ සිමාවන්  නොසලකා (upper  cap) බෙදුම්කරුවන්ට කොමිස් මුදල් ගෙවීමට කටයුතු කරතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

ඒ සඳහා අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලබාගැනිමට කටයුතු කර නොතිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශාෆ්ටර් ගේ ඝාතකයා වාහනය කනත්තට ඇතුළු කළේ මුරකරුවෙක් සිටින ගේට්ටුවකින්!… 

Next Post

හිඳගල රජමහා විහාරවාසී තරුණ හිමිනමකට බලහත්කාරයෙන් වස පොවලා… අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.