බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරිත කෘෂිකර්මයේ ප්‍රතිපල නිකුත් වේ… මේ අවුරුද්දේ පළමු මාස 02ක තුළ පමණක් ගිය අවුරුද්දටම වඩා සහල් ගෙන්වලා…

by editor
මාර්තු 29, 2022
in පුවත්
rice
Share on FacebookShare on Twitter

ආණ්ඩුවේ හරිත කෘෂි විප්ලවයෙන් පසු මේ  වසරේ මුල් මාස දෙක තුළ පමණක් සහල් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ විසි දෙදහස්  දෙසීය දාහතක් ආනයනය සඳහා රුපියල් බිලිනයන 11ක් වැය කර ඇතැයි රේගු දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂත්වය වන්නේ පසුගිය වසර පුරාම ආනයනය කළ සහල් ප්‍රමාණයට වඩාවැඩි සහල් ප්‍රමාණයක් මේ අවසරේ ජනවාරි සහ   පෙරවාරි මාසවල ආනයනය කිරීමය.  පසුගිය වසර පුරාම ආනයනය කර තිබුනේ රුපියල් බිලියන 7.5ක සහල් ප්‍රමාණයක් බව වෙළෙඳපල ආරංචි මාර්ග දක්වයි.

විදේශ විනිමය අර්බුදයක කරවටක් ගිලී සිටියදී මෙම විනිමය ප්‍රමාණය සහල් ආනයනය සදහා රජය වියදම් කරන්නේ මේ රටේ ඉතාම ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි කෘෂිකර්මාන්තය පිළිබඳව ගත් අත්තනෝමතික තීන්දුවල ප්‍රතිඵලයක් ලෙස බව කෘෂිකර්ම ක්ෂේත්‍ර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

“රටේ ඉහළ තලයේ සෑම කෘෂි විද්වතෙකුම මේ තත්වය  විද්‍යාත්මකව   පුරෝකථනය කර  පෙන්වා දුන්නා. ඇතිවෙලා තියෙන්නෙ ඒ නිර්දේශ පිළිනොගැනීමේ ප්‍රතිඵලයයි…“. ක්ෂේත්‍රයේ විශිෂ්ට කෘෂි විද්වතෙක් අප කළ විමසුමක දී පැවසීය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

කෙසේ වෙතත් මේ මාස දෙක තුළ වැඩිපුම සහල් ආනයනය කර ඇත්තේ අධික කෘෂි රසායනික යෙදවුම් සහිතව සිය ගොවිතැන කරන ඉන්දියා‍වෙනි.  එම සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් එක් ලක්ෂ දාහත් දහස් හාරසිය හැත්තෑ එකකි.

එවැනිම රසායනික කෘෂි යෙදවුම් බහුලව යොදන පාකිස්තානයෙන් සහල් මෙට්‍රික් ටොන් 3490ක් ද, මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 1125ක් ද ආනයනය ආනයනය කර ඇතැයි රේගු දෙපාර්තමේන්තු දත්ත පෙන්වා දෙයි.

විශේෂත්වය වන්නේ පෙරදිග ධාන්‍යාගාරය ලෙස අපම නම් කරගන්නා ලංකාවට සිංගප්පූරුවෙන් සහ ඉතාලියෙන් ද සහල් ගෙන්වා තිබීමය.

සහල් ගෙන්වූ රටවල් අතර චීනය, තායිවානය, ජපානය ද වේ.  කෙසේ වෙතත් පසුගිය කන්නයේ අස්වැන්න පිළිබඳව පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කීවේ හරිත කෘෂිකර්ම වැඩපිළිවෙළ සාර්ථක බවත් අස්වැන්නේ පොදුවේ ඇත්තේ සියයට විස්සක පමණ අඩුවක් බවය.  සමහර තැන්වල සියයට විසිපහක අඩුවක් පෙන්නුම් කළත් බොහෝ තැන්වල අස්වැන්න අඩු වී තිබුනේ සියයට දහයකින් පමණක් බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මාස්ක් දැමීම අනිවාර්ය නැති ඉන්දියාවේ ප්‍රාන්තය…

Next Post

අත්‍යාවශ්‍ය ඖෂධ සහ උපකරණ නෑ… පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සියලු සාමාන්‍ය  සැත්කම් නවතී…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.