අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරක් හොරුන් මත්ද්‍රව්‍ය ජාවාරමුන් සමග ඩීල් දාන පොලිස් ගුඩ්ඩන් රටක් වනසන හැටි  රොෂාන් ඇමති කියයි!

by editor
ජූලි 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

පොළොන්නරුව දිඹුලාගල සහ වැලිකන්දේ  මහා පරිමාණ හරක් හොරුන් පොලිස් නිලධාරීන් සමග එකට පාටි දමන ගජයන් බවත්,  ප්‍රදේශයේ  හරක් හොරුන් වැඩි වී ඇත්තේ ඒ නිසා බවත්    වාරිමාර්ග යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (25) පැවසුවේය.

මනම්පිටිය මහවැලි ප්‍රතිභා ශාලවේ අද සස පැවති  දිඹුලාගල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී ප්‍රදේශයේ ගව හොරකම් පිළිබඳ කිරි ගොවියෙකු කරන ලද ප්‍රකාශයක් මුල්කර ගනිමින් රොෂාන් රණසිංහ  ඇමතිවරයා මේ බව කීවේය.

ඇමතිවරයා පෙන්වා දුන්නේ ඇතැම් පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ප්‍රධාන හරක් හොරුන්ගේ රැකවලුන්, ආරක්ෂකයින් සහ සුරතලුන් වීම රටක ඛේදවාචකය ප්‍රකාශ කරන බවය.

එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා මෙසේද කීය,

“මේ ප්‍රකාශය හැමෝම අදාළ කරගන්න එපා, බහුතරයක් පොලිස් නිලධාරීන් යහපත් මහත්තුරු. නමුත්  පොලිසියේ නිලධාරින් එක්කෙනෙක්, දෙන්නෙක් කරන වැඩ නිසා මුළු පොලිස්  දෙපාර්තමේන්තුවටම අගෞරවයක් වෙලා, “

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

“පොලිසිය හරක් හොරකම් සහ මත්ද්‍රව්‍ය නවත්තන්න ලොකු සහයක් දෙනවා. ඒ අතරේ සමහර නිධාරීන් හරක් හොරුන්ට සහ මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට රැකවරණය ආරක්ෂාව ලබා දෙනවා.

එහෙම හම්බ කරන පොලිස් නිලධාරීන්ට කියන්නේ. තමුන්ට ඒ පව  ආත්ම ගානක් පඩිසන් දෙනවා, ඇතම් පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සිදුකරන සම්බන්ධතාවල ප්‍රතිඵලයක් ලෙස මේ රටේ   තරුණයන් විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍යවලට ගොදුරු වෙලා හමාරයි, මේකෙන් සිදුවන්නේ අපේ ජාතිය විනාශ වීමවීමයි.

මේ රට මීට වඩා ප්‍රශ්න විසඳුපු රටක්.  බිඳ වැටුණු අවස්ථාවල බලාපොරොත්තු නැති වේගයෙන් ආපසු නැගී හිටියා.   නමුත්  මත්ද්‍රව්‍ය ප්‍රශ්නය අපිට විසඳාගන්න තවමත් බැරිවෙලා තිබෙනවා, මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට මේ රටේ දේශපාලනඥයන්ගේ දරුවා ඉඳලා රාජ්‍ය ආයතනවල ඇතම් නිලධාරීන්ගේ දරුවන් ගොදුරු වෙලා තියෙනවා, මෙච්චර ලොකු ප්‍රශ්නයක් වෙලත්, අපි එකතු වෙලා මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න කටයුතු කරන්නේ නෑ.

ලෝකයේ කිසිම රටක නැති තරමට මේ රටේ මත්ද්‍රව්‍ය පැතිරිලා තියෙනවා, මෙහෙම ගියොත් අපිට රටක් සමාජයක් ජාතියක් ඉතුරු වෙන්නෑ,

මෙම අවස්ථාවට දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් පී.ටී.එම්.ඉර්ෆාන්, හිටපු පළාත් සභා හා ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්, වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල සහ පොලිස් ස්ථාන රැසක ස්ථානාධිපතිවරුන්   සහභාගි වී සිටියහ,

Tags: නවතම
Share69Tweet43
Previous Post

නියාමකවරු කඹ ඇදිල්ලක… මාස තුනකට පසු මාතලේ- නුවර ධාවනයට ලැබුණු දුම්රියේ ගමන් වාරත් දවස් තුනක්ම අවලංගුයි!

Next Post

බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ජනපති හමු වෙයි!

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.