දිනසේන රතුගමගේ –
නීති විරෝධී දැව තොගයක් පටවා ගෙන ගිය කැබ් රථයක් 17 දා වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී යුද හමුදාව විසින් අත් අඩංගුවට ගැනීමට සූදානම් වූ අවථාවේදී එහි රියදුරා හමුදා මාර්ග බාධකයේ රාජකාරී කරමින් සිටි යුද හමුදා සෙබළුන් දෙදෙනෙකුද කැබ් රියේ හප්පා පලා යමින් සිටියදී එය අනතුරකට ලක් ව ඇත.
කැබ් රථයේ ගැටුණු යුද හමුදා සෙබළුන් දෙදෙනා තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.
එම කැබ් රථයේ අනවසරයෙන් කපන ලද බුරුත කදන් 16 ක් තිබී ඇති අතර ඒවා යුද හමුදාවට කොටු වේ යැයි යන බිය නිසා රියදුරා කැබ් රථයේ හමුදා සෙබලුන් දෙදෙනා හප්පවා පලා ගොස් තිබේ.
කැබ් රථය හමුදා මාර්ග බාධකයේද ගැටීම නිසා මාර්ග බාධකයටද හානි සිදුව ඇත.
හමුදා සෙබළුන් දෙදෙනා කැබ් රථයේ හප්පවා එය අධිකවේගයෙන් ධාවනය කරමින් තිබියදී කැබ් රථය පාරෙන් ඉවතට පැන බෝක්කුවක වැදී අනතුරකට ලක් වීමෙන් පසුව නතර වී තිබේ.
කැබ් රථය පැද වූ පුද්ගලයා එය එම ස්ථානයේම කැබ් රථය දමා පලා ගොස් ඇති අතර ඔහුව අත් අඩංගුවට ගැනීම සදහා යුද හමුදාව හා ඕමන්ත පොලීසිය පියවර ගෙන ඇත.