අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නඩු ඉවත් කර ගැනීමේ ‘ කැකිල්ලේ නිර්දේශ’ ක්‍රියාත්මක වුණොත් අධිකරණ පද්ධතියම අනතුරේ

ඉල්ලා අස්කර ගන්නැයි නීතීඥ සංගමය අගමැතිගෙන් ඉල්ලයි

by Lanka Sara Editor
අප්‍රේල් 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය සේවකයන් පිළිබඳ ව විමර්ශණය කිරීමේ ජනාධිපති කොමිසම විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම සඳහා මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති මෝසම සම්මත වුවහොත් එය මෙරට අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතිය සහ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියට පෙර නොවූ අහිතකර බලපෑමක් සහ වැරදි පූර්වාදර්ශයක් වනු ඇති බව ශ්‍රි ලංකා නීතීඥ සංගමය අනතුරු අඟවයි.

පසුගිය 09 වැනිදා එනම් අවුරුදු නිවාඩුවට පෙර පාර්ලිමේන්තුව පැවැත්වූ අවසන් දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම මෝසම පිළිබඳව ශ්‍රි ලංකා නීතීඥ සංගමය දැඩි සේ අවධානය යොමු කර ඇති අතර එම කොමිෂන් සභා නිර්දේශ අතර මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණවල ක්‍රියාත්මක වන නඩු කිහිපයක් ඉවත් කර ගැනීම පිළිබඳව ලබා දී ඇති නිර්දේශ පිළිබඳව එම සංගමයේ දැඩි අවධානයට ලක්ව තිබේ.

මේ සම්බන්ධයෙන් ඊයේ (17) සවස මාධ්‍යයට නිවේදනයක් නිකුත් කළ ශ්‍රි ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටුව අවධාරණය කරන්නේ පසුගිය පෙබරවාරි මස 15 වැනිදා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳව විමර්ශෂණය කිරීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරිම හරහා මෙම තත්ත්වය නිර්මාණය වන බවයි.

එම නිවේදනයට අනුව මෙම විශේෂ ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභාව ස්ථාපනය කරන ලද්දේ 2015 ජනවාරි 08 වැනිදා සිට 2019 නොවැම්බර් 16 වැනිදා දක්වා දේශපාලන පළිගනීම්වලට ලක්වූවන් සම්බන්ධයෙන් විමර්ශණය කිරීමටය. එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන ද මෙම මෝසම පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීම අප්‍රියෙල් මස 21 වැනිදාට යොදාගෙන තිබෙන අතර මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ මෙම නිර්දේශ අභියෝගට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිරණයට ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලෙන පසුබිමක් තුළය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම නිර්දේශවලට පදනම් වූ ජනාධිපති කොමිසමේ වාර්තාව මෙතෙක් මහජනතාව අතට පත් කිරීමට තබා අඩුම තරමේ ශ්‍රි ලංකා නීතීඥ සංගමය හරහා නිතීඥවරුන්ගේ පරිශීලනයටවත් නිකුත් කර නොමැත්තේ එම වාර්තාවේ පිටපත් ලබා දෙන ලෙස නීතීඥවරුන්ගේ සංගමය විසින් ඉල්ලීමක්ද කරනු ලැබ ඇති පසුබිමකය.

කෙසේ වුවද මෙම නිර්දේශ අතර පවතින දැනට අධිකරණයේ විභාග වන නඩු ගණනාවක් ඉවත් කිරීම සම්බන්ධයෙන් සිදු කරනු ලැබ ඇති නිර්දේශය ක්‍රියාත්මක වීම මෙරට අධිකරණයේ නිතිය, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ ස්වාධිනත්වයට මෙනම් නීතිපතිවරයාගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වයද අභියෝගකයට ලක්වන බවත් එය බරපතල තත්ත්වයක් බවටත් ශ්‍රි ලංකා නීතීඥ සංගමය අනකුරු අඟවයි.

මෙම තත්ත්වය මෙම මෝසම පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට කටයුතු කිරීමෙන් වළකින ලෙසත් එය ඉල්ලා අස්කර ගන්නා ලෙසත් ශ්‍රි ලංකා නීතීඥ සංගමයේ විධායක සභාව අගමැතිවරයාගෙන් ඉල්ලා සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එස්.ටී.එෆ් වෙඩි කාගෙන පලා ගිය කැබ් රථයේ රියදුරු හා දෙදෙනෙක් අත්අඩංගුවට…

Next Post

හමුදා සෙබලුන් කැබ් රියේ හප්පා පලා ගිය දැව ජාවරම්කරුවන් කොටු වේ

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.