ලලිත් චාමින්ද –
මුහුණු පොත මගින් දැන හඳුනාගත් 13 හැවිරිදි බාලවයස්කාර දැරියක් රැගෙන ගොස් දුෂණය කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනිම සඳහා පුළුල් පරික්ෂණයක් ආරම්භකොට ඇති බැව් රත්ගම පොලීසිය පවසයි.
දුෂණයට ලක්වු බාලවයස්කාර දැරිය 13 හැවිරිදිවියේ පසුවන රත්ගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය මෙම සැකකරු මුහුණු පොත හරහා හඳුනාගෙන ඇත. ඔහු මුහුණු පොත හරහා හඳුනාගෙන එක් දිනක් ගතවිමටත් මත්තෙන් කොළඹ නගරයට පැමිණෙන ලෙස සැකකරු මෙකි දැරියගෙන් ඉල්ලා ඇත. ඒ අනුව බාලවයස්කාර දැරිය තනිවම බස්රථයක නැගි කොළඹ නගරයට ගොස් ඇත. පසුව සැකකරු විසින් දැරිය මිගමුව ප්‍රදේශයේ හෝටලයක් වෙත රැගෙන ගොස් ඇය දුෂණයට ලක්කොට ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
පසුව මෙකි දැරිය කොටුව බස් නැවතුම්පොළට ගෙනවිත් දමා සැකකාර තරුණයා පලාගොස් ඇත. බාලවයස්කාර දැරිය තනිවම කොටුව බස්නැවතුම්පොළේ සිටිනු දැක යුද හමුදා සෙබලෙකු විසින් ඇය ගාල්ලට රැගෙන විත් ගාල්ල පොලිසියට ගෙනවිත් භාරදි තිබේ. පරික්ෂණ කටයුතු සදහා බාලවයස්කාර දැරිය රත්ගම පොලීසියට භාරදිමෙන් පසු ඇය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ. දැරිය දුෂණයට ලක්ව ඇති බව වෛද්‍ය වාර්තා අනුව තහවුරුවි ඇති බව පොලීසිය පවසයි.
සැකකාර තරුණයා මාරවිල ප්‍රදේශයේ අයෙකු බවට හදුනාගෙන ඇති අතර මොහු අත්අඩංගුවට ගැනිම සඳහා රත්ගම පොලීසිය පරික්ෂණ පවත්වයි.