බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හම්බන්තොට හිටපු දිසාපති එච්.පී.සුමනසේකරට විරුද්ධව මානව හිමිකම් නඩුවක් ගොනුවෙයි!

by editor
ඔක්තෝබර් 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර – 

  • හම්බන්තොට දේශපාලනඥයෙකුගේ උවමනාවට හම්බන්තොට හිටපු දිස්ත්‍රික් ලේකම් වරයා බලය   අවභාවිතා කරලා.

  • දින තුනක් සිරගත කිරිමට පියවර ගැනීම හා මානසික පීඩාවට පත් කිරිමට එරෙහිව තිදරු පියෙකු මානව ගිහින්…

  • දිස්ත්‍රික් ලේකම් වරයා කිසියම් පාර්ශවයක් සතුටු කරන්න කටයුතු කර ඇති බව පැහැදළියි.එනිසා මේ සදහා අවශ්‍ය සියළු නිති ආධාර ලබා දෙන බව හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය කියයි.

හම්බන්තොට හිටපු දිස්ත්‍රික් ලේකම් වරයා විසින් ඔහුගේ බලය අයුතු ලෙස භාවිතා කරමින් එක්තරා දේශපාලනඥයෙකුගේ කීමට තමන්ව දැඩි මානසික පීඩනයකට පත් කළ බවත්, තමන් සේවය කළ ආයතනයද තමන් නොමැති අවස්ථාවක වෙනත් ආයතනයකට පවරමින් තමන්ව මහ පාරට ඇද දැමූ බවත් හා ඉන් තමන්ට සිදු වු අගතිය සම්බන්ධයෙන් පැමිණිළි කිරිමට හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ පිහිටි කම්කරු කාර්යාලයට ගිය අවස්ථාවේ දිස්ත්‍රිත් ලේකම් වරයා විසින් තමන්ට බොරු චෝදනා නගමින් දින තුනක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් කඩ වි ඇති බැවින් ඒ සදහා නීති සහාය ලබාදෙන ලෙසත්  ඉල්ලා මහින්ද ජයවික්‍රම බණ්ඩාර නැමති තිදරු පියෙකු විසින් හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත ලිඛිත පැමිණිල්ලක් සිදුකර ඇති බව එහි සම්බන්ධීකාරක තරංග එල් පටබැදි අද (17) ප්‍රකාශ කළේය.

අංක 67/ජී, ගල්මඩුව වත්ත පාර, නව නගරය, කුණ්ඩසාලේ පදිංචි 52 හැවිරිදි පිලිප්පු විතාන මහින්ද ජයවික්‍රම බණ්ඩාර නැමති තිදරු පියෙකු විසින් පසුගිය 14 වන දින හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත මෙම ලිඛිත පැමිණිල්ල සිදුකළ බව  එහි සම්බන්ධීකාරක වරයා පැවසුවේ.

පැමිණිළිකරු වන මහින්ද ජයවික්‍රම බණ්ඩාර 2018.02.01 දින සිට බදගිරිය යොවුන් සංවර්ධන අධ්‍යාපන නිකෙතනය හා වෘත්තීය පුහුණු ආයතනයේ කළමණාකරුව කටයුතු කළ බවත්, එය  නෙදර්ලන්ත ආධාර මත ක්‍රියාත්මක වූ බවත් ලිඛිත පැමිණිල්ලේ දක්වා තිබේ.

ඔහු එහි කළමනාකරුව සිටියදි හම්බන්තොට එක්තරා දේශපාලනඥයෙකු විසින් මෙම ආයතනය පවරා ගැනීමට උත්සාහ කළ බවත්, ඒ සදහා හම්බන්තොට හිටපු දිස්ත්‍රික් ලේකම් වරයා වන එච්.පී.සුමනසේකර  දිගින් දිගටම කටයුතු සකස් කරමින් තමන්ව දැඩි පිඩනයට ලක් කරමින් සිටි බවත්, පසුව තමන් ආයතනයේ සිට නිවාඩුවට නිවසට ගිය අවස්ථාවේ දිස්ත්‍රික් ලේකම් වරයා අනීතික ලෙස මෙම ආයතනය අත්පත් කරගෙන වෙනත් පාර්ශවයකට පැවරීමට කටයුතු කළ බවත් පැමිණිලිකරු කියයි.

,තමන්ගේ යට ඇදුමේ සිට සියළුම ඇදුම් පැළදුම් හා සියළු ලේඛනද ලබා නොදී තමන්ට ආයතනයට ඇතුළු විමට නොදී දැඩි ලෙස මානසික පීඩාවට පත් කළ බවත් පැමිණිලකරු සිය  පැමිණිල්ලේ දක්වා තිබේ.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

දිගින් දිගටම තමන්ට සිදු වු අසාධාරණකම් සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියටද පැමිණිළි කිහිපයක්ම කර ඇති නමුත් දිස්ත්‍රික් ලේකම්වරයා විසින් සිය බලය භාවිතා කරමින් ඒවාද යට ගැසූ බවත්, එලෙස තිබියදි තමන්ට සිදු වු අසාධාරණය සම්බන්ධයෙන් 2024.05.31 වන දින පැමිණිල්ලක් කිරීමට හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ පිහිටි කම්කරු කාර්යාලයට ගිය අවස්ථාවේ දී  දිස්ත්‍රික් ලේකම් වරයාගේ නියෝග මත කාර්යාලයේ ආරක්ෂ නිළධාරීන් විසින් තමන්ට කාර්යාලයට ඇතුළුවිමට නොදී කාර්යාලයට අයුතු ඇතුළු වීම යන චෝදනා ගොනු කරමින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින තුනක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගත් බවත් ඔහු දන්වා සිටින්නේය.

තමන්ට සිදු වු අසාධාරණයකදී ඒ සම්බන්ධයෙන් විමසිමට හා පැමිණිළි කිරිමට පුරවැසියන්ට රජයේ ආයතනයකට යාමට අවසර තිබිය යුතු නමුත් දිස්ත්‍රික් ලේකම් වරයා මෙහිදී කටයුතු කර ඇතැයි කියන ආකාරය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බැවින් ඉදිරිපත් වු ලිඛිත පැමිණිල්ලට අනුව ඉදිරියේදී ඊට අවශ්‍ය නිති ආධාර ලබාදීමට කටයුතු කරන බව හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක තරංග පටබැදි  වැඩිදුරටත් පැවසිය.

කෙසේ නමුත් මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් වරයා මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ  ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව   වහාම ක්‍රියාත්මක වන පරිදි අධිකරණ, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය වෙත ස්ථාන මාරුකර යවා තිබේ. 

එමෙන්ම  දිස්ත්‍රික් ලේකම් වරයාගේ ක්‍රියාකළාපය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ජනාධිති ලේකම් කාර්යාලයේ PS/PR/09/451053 ලිපි ගොනු අංකය යටතේ හා අග්‍රාමාත්‍ය කාර්යාලයේ PMO/PRD/02/15/05/47897 ලිපි ගොනු අංකය යටතේද විශේෂ විමර්ශන දෙකක් ආරම්භ කෙරුණු නමුත් ඒවාද සිය දේශපාලන බලය භාවිතා කරමින් ඔහු යට ගසා ඇතැයි ද වාර්තා වේ.

එමෙන්ම ඔහු හම්න්තොට දිස්ත්‍රික් ලේකම් ධුරයේ කටයුතු කරන සමයේ සිදුකර ඇති මුදල් අවභාවිතා කිරීම් හා අනීතික ක්‍රියා සම්බන්ධව ජාතික විගණන වාර්තා මගින්  පැහැදිළිව දක්වා තිබේ. නමුත් මෙම චෝදනා සම්බන්ධයෙන් මෙතෙක් සාධාරණ පරීක්ෂණයක්ද සිදු වි නොමැති බවද අනාවරණය වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සවි එසවීමේ ශූර රුවන් පෝල් ලංකා ඉතිහාසය අලුත් කරයි…

Next Post

අවුරුදු 17ක් වයසැති තරුණයෙක් අවුරුදු 19ක් වයස තරුණයෙකුට පහර දී මරා දමලා…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.