අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි අපදා තත්වයන්ට සහන සැලසිම හා මුදවා ගැනිමේ කටයුතු සඳහා ගුවන් යානා හා ඊට අදාල භට පිරිස් ස්ථානගත කර ඇතැයි ගුවන් හමුදාව පවසයි.

කාලගුණ විද්‍ය දෙපාර්තුමේන්තු දත්තයන්ට අනුව ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින පහල වායුගෝලීය කැලඹිලි සහගත තත්වය හේතුවෙන් ඇති විය හැකි අයහපත් කලගුණික තත්වය හමුවේ දිවයිනේ පලාත් කීපයකට ගංවතුර හා නාය යාමේ අවධානමක් ඇතිවිය හැකි බව අපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් දැනුම් දීමත් සමග ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ උපදෙස් මත මෙම මෙහෙයුම් සූදානම සැලසුම් වී ඇත.
ඉදිරියේදි ඇතිවිය හැකි අපදා තත්වයන් පිළිබඳ නිරතුරු ගුවනින් නිරික්ෂණය කිරිම සදහා ගුවන් හමුදා නිරික්ෂණ ගුවන් යනා මෙන්ම අපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවට සහන සැලසිමට හා මුදවා ගැනිමේ මෙහෙයුම් සදහා ගුවන් හමුදාව සතු හෙලිකොප්ටර් යානා මෙන්ම මුදවා ගැනිම් සඳහා සුවිශේෂි පුහුණුවක් ලබා ඇති ගුවන් හමුදා රෙජිමේන්තු සහ විශේෂ භට පරිස් යෙදවීමට සැලසුම් කර ඇතැයි ගුවන් හමුදාව කියයි.







