-
ඔක්සිජන් සැපයුම් සඳහා පමණක් රුපියල් මිලියන150ක් ණය වෙලා… රසායනාගාර සේවා සඳහා රුපියල් මිලියන 2500ට වඩා වැඩි ණයක්…
-
ඉදිරියේ දී දැඩි සත්කාර සේවාවන් පවත්වා ගැනීමත් අර්බුදයක…
සෞඛ්‍ය අමාත්‍යංශය සැපයුම් කරුවන් සඳහා ගෙවීමට නියමිත බිලියන 12ක් ගෙවීම පැහැරහැර ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කරයි.
මේ හේතුවෙන් ඉදිරියේදී සෞඛ්‍ය සේවාවන් රැසක් අඩාල වීමට නියමිතව ඇතත් සෞඛ්‍ය ලේකම්වරයා ඒ පිලිබඳව සාකච්ඡාවක් පවා සිදුනොකරමින් සෞඛ්‍ය සේවාව කඩා වැටීමට ඉඩ හැර අයාලේ යන තත්ත්වයකට පත්කර ඇතැයි හෙතෙම පෙන්වාදේ.
මෙම මුදල් අතර රුපියල් බිලියනයක් පමණ වසරකට වඩා වැඩි කාලයත් තුළ ගෙවා නොමැති ණය මුදල්වන අතර බිලියන 4ක් පමණ මාස 6ට වඩා පැරණි ඒවාය.
ඔක්සිජන් සැපයුම් සඳහා පමණක් රුපියල් මිලියන150ක් ණය වී ඇති අතර රසායනාගාර සේවා සඳහා රුපියල් මිලියන 2500ට වඩා වැඩි ණය මුදලක් පියවීමට ඇති බව ද සඳහන්කරයි
මේ හේතුවෙන් සමාගම් ගණනාවක් ඉදිරියේදී තම සේවාවන් අත්හිටුවීමට තීරණය කර ඇති අතර පසුගිය සතියේ දී අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඔක්සිජන් සැපයුම අදාළ සමාගම විසින් නතර කර ඇතැයි කුමුදේශ් පැවසීය.
ඒ අනුව දැඩිසත්කාර සේවාවන් සියල්ල බරපතල අර්බුදයකට ලක්ව ඇති අතර MRI , CT ස්කෑන්, ශල්‍යාගාර , හදිසි ප්‍රතිකාර අංශ සහ රසායනාගාර සේවාවන් පවත්වාගත නොහැකි තත්ත්වයකට පත්විය හැකි බව ඔහු කියයි.
කෙසේ නමුත් මේ පිලිබඳ සෞඛ්‍ය ලේකම්වරයා අදාළ සමාගම් සඳහා සාකච්ඡාවක් පවා ලබා නොදෙමින් මගහරින තත්ත්වයක් පවතින බැවින් සැපයුම් නතර කරන තුරු බලා ඉදීම හැර සෞඛ්‍ය පරිපාලනය විකල්පයක් දීමට පවා හැකියාවක් හා උනන්දුවක් දක්නට නැති බවක් පෙනෙන්නට නැතැයි විද්වත් සංගමය පෙන්වාදේ.
ඒ අතර තුර අනවශ්‍ය උපකරණ සහ වියදම් සහිත ප්‍රතික්‍රීයක ගෙන්වමින් අනශ්‍ය වියදම් ගණනාවක් සිදුකර ඇති බවද පෙනෙන්ට ඇතැයි ඔහු කියයි. සමහර රෝහල් රසායනාගාර සඳහා හොඳින් ක්‍රියාත්මක වන උපකරණ තිබියදී විශාල මිල ගණන් ණය වෙමින් අලුත් උපකරණ ගෙන්වන බවද හෙතෙම පෙන්වාදේ.
එලෙස ගෙන්වන ලද සමහර උපකරණ නිසා රුපියල් 4කට පමණ සිදුකළ හැකි සමහර පරීක්ෂණ සඳහා රුපියල් 20ක පමණ මුදලක් වැය වන බවද සමස්ථයක් ලෙස ප්‍රතික්‍රීයක මිල 4 ගුණයකින් පමණ වැඩිවන තත්ත්වයක්ද ඇතිව තිබෙන බව ඔහු පෙන්වා දෙයි.
රවී කුමුදේශ් වැඩිදුරටත් සඳහන් කරන්නේ අනවශ්‍ය වියදම් නතර කරමින් නිසි සැලසුමකින් ක්‍රියාත්මක නොවුනහොත් අනාගතයේදි සෞඛ්‍ය සේවාවේ කඩා වැටීම නතර කළ නොහැකි වනු ඇති බවයි.







