අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයට කඩිනම් ප්‍රතිපත්තිමය වෙනසක් අවශ්‍යයයි…

by editor
සැප්තැම්බර් 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩිනම් ප්‍රතිපත්තිමය වෙනසක් අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අවධාරණය කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය. එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

මෙරට පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සොයාබැලීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත භාර දීම ඊයේ (03) ජනාධිපති කාර්යාලයේ දි සිදුවිය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර ඊයේ පැවති විශේෂ සාකච්ඡාව අතරතුර එම වාර්තාව භාරදීම සිදු වූ අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ වෛද්‍යවරුන්ට මුහුණදීමට සිදුව ඇති ගැටලු සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා  කෙරිණ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව පත්ව ඇති අසීරුතාව සමනය කිරීමට කඩිනම් ක්‍රමවේදයක් අවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඖෂධ ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවත්නා අනෙකුත් අවශ්‍යතා පිළිබඳ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ආයතන සමග සාකච්ඡා කරන බව ද පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ආදී ආයතන අතර සම්බන්ධීකරණයේ දී පවතින අඩුපාඩු අදාළ කමිටු වාර්තාව මඟින් හඳුනාගෙන තිබේ.

එබැවින් සෞඛ්‍යය අමාත්‍යාංශය මඟින් සම්බන්ධීකරණ කමිටුවක් පත්කර, මාසික ප්‍රගති සමාලෝචනයක් ලබා ගැනීමට ද එම වාර්තාවෙන් යෝජනා කර ඇත.

පසුගිය අවුරුදු කිහිපයේ දී විගණකාධිපති වාර්තා නිර්දේශ සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග අවම වීම හේතුවෙන් උද්ගත වී ඇති ගැටලුවලට විසඳුම් ලබාගැනීම සඳහා පසුගිය අවුරුදු පහ ඇතුළත ඉදිරිපත් කරන ලද විගණකාධිපති නිර්දේශ පිළිබඳ අධ්‍යයනයට තාක්ෂණික කමිටුවක් පත් කිරීමට ද කමිටු වාර්තාව මගින් යෝජනා කර ඇත.

ඖෂධ සඳහා රජය දරනු ලබන මුදලින් 40%කට ආසන්න ප්‍රමාණයක් වෙන් කෙරෙන්නේ පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ සපයා ගැනීමටයි. පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධවල මෙන්ම ඉන්සියුලින් හිඟයක් ද පවතින අතර එම ගැටලුව කඩිනමන් නිරාකරණය කර ගැනීමට පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයෝ පෙන්වා දුන්හ.GMOA

ඖෂධ මිල ඉහළ යාම අද රටේ ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති අතර අත්‍යාවශ්‍යය ඖෂධ සඳහා යම් සහනයක් ලබාදීමට රජයේ ප්‍රතිපත්තීමය තිරණයක අවශ්‍යතාවත්, ඖෂධ මිල ඉහළ යාම හේතුවෙන් රෝගීන් ඖෂධ ලබා ගැනීමෙන් වැළකීම හෝ රජයේ රෝහල් සඳහා පැමිණීම වැඩිවීමෙන් මතුවිය හැකි ගැටලුකාරී තත්ත්වය පිළිබඳවත් මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා වී විය.

කොළඹ ජාතික රෝහල, කළුබෝවිල රෝහල සහ ජයවර්ධනපුර රෝහලේ පහසුකම් තවදුරටත් පුළුල් කරමින් ඒවා සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව සහ සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයට ප්‍රතිපත්තිමය වෙනසක් අත්‍යාවශ්‍ය බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

වෛද්‍යවරුන් සඳහා අමතර රාජකාරී දීමනා ගෙවීම, වෛද්‍යවරුන් සඳහා නිල ප්‍රවාහන පහසුකම් සහ එම දීමනා සංශෝධනය, විදේශ නිවාඩු සම්බන්ධයෙන් වූ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සම්න්ධව හා රාජ්‍ය සේවයේ වෘත්තිකයන් සඳහා බදු සහන මත ඉලෙක්ට්‍රිකල් වාහන ගෙන්වීම පිළිබඳව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිතුමා වෙත සිය යෝජනා ඉදිරිපත් කළහ.

වෛද්‍ය සංචාරක ව්‍යාපාරය මෙරටට හඳුන්වාදීම සහ සංවර්ධනය කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයා දැනුවත් කෙරිණ.

රජ රට, පේරාදෙණිය, කරාපිටිය ආදී විශ්වවිද්‍යාල ප්‍රතිපාන කොමිෂන් සභාවේ අනුමත සියලු විශ්වවිද්‍යාලවල ශ්‍රේණි උසස් කිරීම සඳහා වෘත්තීය සංවර්ධන වැඩපිළිවෙළක් හඳුන්වාදීමේ අවශ්‍යතාව පවතින බවත්, විශ්වවිද්‍යාල මගින් එවැනි අධ්‍යයන පාඨමාලා පිරිනැමුව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා ව්‍යවස්ථාවෙන් එය අනුමත කර නොමැති බැවින් ඒ සඳහා රජය ගත යුතු ප්‍රතිපත්තිමය තින්දු තීරණ සහ වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාවේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳවත් අවධානයට ලක් විය.

විදේශයන්හි අධ්‍යාපනය ලබන සිසුන්ට විදේශ විනිමය යැවීමේ දී මතුව ඇති දුෂ්කරතාව පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරුණු පෙන්වා දුන් අතර එහිදී ජනාධිතිවරයා අවධාරණය කළේ මෙරට උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති විදේශ විනිමය ඉපැයීමට හැකි අයුරින් වෙනස් විය යුතු බවය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපිත ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්.එච්.එස්. සමරතුංග, වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වයි.වී.එන්.ඩී. සිරිසේන ඇතුළු සාමාජිකයෝ සාකච්ඡාවට එක් වී සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එකට බී එකම වෙලාවක පාරවල් දෙකකින් නොඑන ගමන් ගිය බේබදු යාලුවෝ දෙන්නෙක්…

Next Post

විමල් – උදය – වාසු කණ්ඩායමේ සන්ධානය උත්තර ලංකා සභාගය නමින් එළිදකී!   

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.