මහ බැංකු අධිපති හරහා විගණනය කළ හැකි භාරකාර මණ්ඩලයක් හරහා මිස කිසිදු රාජ්‍ය ආයතනයකට හෝ පෞද්ගලික ආයතනයකට හෝ සංවිධානයකට හෝ මුදල් ආධාර හෝ සෞඛ්‍ය ආධාර එවීමෙන් වලකින්නැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ඉල්ලා සිටියේය.
මෙම සංගමය මේ ඉලලීම සිදු කරන්න් පවතනි ආරථික අර්බුදකාරී ත්තවය හමුවේ සෞඛ්‍ය සේවාවේ සැපයුම් බරපතකල අවදානම් සහිත මට්ටමකට වැටී ඇති පසුබිමක එයට ආධාර සපයන ලෙස විදේශගත ශ්‍රි ලාංකිකයන් සහ සංවිධානවලට විවිධ පාරශ්ව වෙතින් සිදු කරනු ලබන ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමිනි.
අතීතයෙන් ඇරඹී සුනාමිය ඔස්සේ අවසානයේ කොවිඩ් අරමුදල දක්වා ගොඩනැගූ මුදල් ආධාර වලට අත්වූ ඉරණමද ඒවා අවභාවිතාව හා දූෂණයට ලක් වූ අන්දම සම්බන්ධව ඕනෑ තරම් අත්දැකීම් ඇති බැවින් කිසිදු ඉහළ දේශපාලකයෙකු ඉහළ රාජ්‍ය නිලධාරියෙකු සම්බන්ධව විශ්වාසය තබා තවදුරටත් රැවටීමට ලක් නොවීම ජනතාවගේ ද වගකීමක් බව එම සන්ධානය පවසයි.
එසේම ඔවුන් නව මහ බැංකු අධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රි ලංකාව වෙත සැපයෙන මෙම ආධාර සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විගණනය කළ හැකි පාරදෘශ්‍ය භාවයෙන් යුක්ත රාජ්‍ය භාරකාර අරමුදලක් කඩිනමින් පිහිටුවන ලෙසය.
ඒ සඳහා වගකිවයුතු නිලධාරී මණ්ඩලයක් පත්කරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති.







