ශ්‍රියානි විජේසිංහ
සෞඛ්‍ය අමාත්‍යංශයේ දැනට සිටින නිලධාරීන් මේ ලෙසම සිටිද්දි වත්මන් සෞඛ්‍ය ඇමතිවරයා වෙනුවට නව ඇමතිවරයෙක් පත්වුවහොත් ඔහුත් අනිවාර්යයෙන්ම ෆේල් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ඖෂධ මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 67ක මුදලක් ලැබුණද හදිසි මිලදී ගැනීම් නතර නොවූ බවත් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් ඖෂධ සමාගම්වල ගොදුරු බවට පත්ව ඇතැයිද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේය.
හදිසි මිලදී ගැනීම් ජූනි මාසයේ සිට නතර කරන බවට පසුගිය දෙසැම්බර් මාසයේ සිට සෞඛ්‍ය ඇමතිවරයා තම සංගමය ප්‍රකාශ කරන නමුත් මේ දක්වා නතර කිරීමේ උත්සහක නිරත වී හෝ නැති බවත් මේ හේතුව මත ලබන වසරේදී මීටත් වඩා දරුණු ඖෂධ හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇති බවද වෛද්‍ය අලුත්ගේ පෙන්වා දේ.
ජනතාවගේ ජිවත් වීමේ අයිතිය තහවුරු කිරිම සදහා මේ ප්‍රශ්නයට ජනාධිපතිවරයාගේ මැදිහත් වීමක් අනිවාර්යයෙන්ම අවශ්‍යව ඇතැයි සංගමයේ විශ්වාසය යැයිද හෙතෙම අවදාරණය කරයි.







