ශ්‍රියානි විජේසිංහ
සෞඛ්‍ය වෘත්තීය සමිති මර්දනය කිරීම සදහා සෞඛ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛය වහාම අහෝසි කරන්නැයි සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තීය සමිති 30ක් ඉල්ලා සිටියි.
ලේකම්වරයාගේ අවසාන තීරණය අද (25) දිනය තුළ වහාම ප්‍රකාශයට පත්කරන්නැයි ද එසේ නොවුවහොත් ලබන බදාදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණය වන බවද වෘත්තිය සමිති සදහන් කර ඇත .
විරෝධතාවන්ගෙන් ආරම්භ වන මෙම වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයන් අවසානයේදී අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා ව්‍යාප්ත විය හැකි බවද වෘත්තීය සමිති නායකයෝ අනතුරු අගවති.
ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙනඒම, අසාත්මිකතාවන් ඇතිකර එන්නත් ලබාදීම, රෝගීන්ගේ ඇස් අන්ධ කරන ඖෂධ ලබා දීම වැනි හේතු ඇතුළු රෝගීන් අපහසුතාවන්ට පත්කරවන සිදුවීම් සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමේදි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ කට වැසීමට සෞඛ්‍ය ලේකම්වරයා කටයුතු කිරීමට විරුද්ධව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගන්න බව සෞඛ්‍ය වෘත්තිකයෝ සඳහන් කරති.