බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

“සොරි මට මතක නෑ…” කළු ජූලිය දිනයේ මතකයටත් වඩා හිත පෑරුන කළුපාට මතකයක්!

by editor
ජූලි 24, 2025
in ජීවිතය, පුවත්
Share on FacebookShare on Twitter

ලොකු කුමා විසිනි –

අද ජුලි 24 දාය.⁣ අද දිනයේදී 1983 කලු ජූලිය සිහිපත් කර මාධ්‍යයන්හි බොහෝ කයි කතන්දර ලියවෙන බව නිසැකය. එහෙත් කලු ජූලිය ගැන සිහිපත්වන හැම අවස්ථාවකම මගේ සිතට නැගෙන්නේ ඒ හා බැඳුන පෞද්ගලික අත් දැකීමකි.

එදවස මා සෙබළෙකි. හරියටම ජුලි 24 වනදා පෙරවරුවේ බිරිඳට මාගේ වැඩිමහල් පුත්‍රයා ඉපදුන බවට ම⁣⁣ගේ කඳවුරේ දුරකථන ක්‍රියාකරු  මට දැනුම් දුන්නේ මාගේ ඥාතියෙකු දැනුම් දුන් බව පවසමිනි. මම ඒ බව මාගේ අණ දෙන නිළධාරියාට පැවසුවෙමි

ඔහු මට නිවසට යාමට අවසර දුන්නේය .ඒ ඊට පසුදින කොළඹ හමුදා මූලස්ථානයට වාර්තා කරන ලෙසට පවසමිනි. කඳවුරෙන් එළියට ආ මම කඩවත නගරයෙන් ත්‍රි’ මලය සිට කොළඹට යන බස් රථයකට නැග ගතිමි. බස් රථයේ සිටි මගීන් සිටියේ නොසන්සුන්වය. ඔවුන් යමක් අපේක්ෂාවෙන් බස් රථයේ කවුළු වලින් එබී එබී බලමින් සිටීම මට ප්‍රෙහේලිකාවක් විය. ඒත් මා පැටළුන ඒ ප්‍රෙහේලිකාව මොහොතකින් අවසන් විය. මා බස් රථයට නැග ගත් බව දුටු එහි සිටි හමුදා ලුතිනන් වරයකු මගේ අතින් තදින් අල්ලා ගත්තේය.

ස්ටාෆ් දෙමළ අයගෙ කඩ පුච්චනවා යැයි ඔහු මට පැවසුවේ වෙවුලන ස්වරයෙනි. ඔහු ගේ අනන්‍යතාව මට සිහිපත් වූයේ ඒ අවස්ථාවේදීය. මේ තරුණ හමුදා ලුතිනන් වරයා මීට මාස හය හතකට පෙර අප කඳවුරේ පුහුණුව ලබමින් සිටියදී මා උපදේශකයෙක් ලෙස කටයුතු කෙ⁣රුවේය. මේ බස් රථයේදී ඔහු මා අසලට දිව විත් මගේ අතින් අල්ලා ගත්තේ ඒ දැන හැඳුනුම්කමටය. ඔහු දෙමළ ⁣ජාතිකයෙකි.

“ස්ටාෆ් මම ට්‍රින්කො ඉඳල කොළඹ යන්නෙ. මගේ නංගිල  දෙන්නත් බස් එකේ ඉන්නවා” යැයි පැවසූ ඔහු මට නැගෙනියන් දෙදෙනා වාඩි වී සිටි අසුුන පෙන්වීය. ඒ දෙදෙනාම සිටියේද බියපත්ව බව මට වැටහිනි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

“සර්, බය නැතුව ඉන්න මම ඉන්නවනේ” යැයි මම ඒ තරුණ ලුතිනන් වරයාගේ සිත හදන්නට උත්සාහ කෙරුවෙමි. බස් රථය දැන් තිබෙන්නේ කිරිබත්ගොඩ නගරය මැදය. නගරයේ පසෙක ලොරි රථ දෙකක් ගිනි ඇවිලෙමින් තිබිණි. අප පෑලියගොඩ ගොඩ හරියට ළඟා වන විට ජාති ආලයේ කළු දු⁣ම බස් රථය තුළද පැතිරෙන්නට ගත්තේ පුළුටු ගඳද පතුරවමිනි. බස් රථයේ කවුළු තුලින් එළිය බලන විට දැක ගත හැකි වූයේ කොළඹ අහස පුරා විසිරෙමින් තිබූ කළු පැහැති වලාවන්ය. මා සමග සිටි ලුතිනන් වරයා සිටියේ තැති ගැන්මෙනි. ඔහුගේ නැගෙනියන් දෙදෙනා වාඩිවී සිටි අසුනේ ඉදිරි අසුනේ ඇන්ද මත මුහුණ ඔබා සඟවා ගෙන සිටී.

යුද කඳවුරක මහත් ආඩම්බරයෙන් සෙබළුන් ගේ ආචාර ලබමින් ගරු ගාම්භීර රාජකාරියක නිරත තරු අඳින නිළධාරියකු වුවද කරදරයකදී බැගෑපත් වන හා අසරණ වන අයුරු මට දැනෙන්ට විය. ලුතිනන් වරයා හුස්ම ගනිමින් සිටියේ මගේ මැදිහත් වීමේ විශ්වාසය තුළ සැඟවී සිටිමිනි. ඔහු ඒ තරමට අසරණ වී සිටින බව මට ඒ වන විටත් වැටහී තිබුණි. මට මගේ දරුවා ගැන සිතන්නට පවා ඉඩ කඩක් නොවීය. මා සිටියේ ඉදිරියේදී සිදු විය හැකි අවදානමට මුහුණ දෙන ආකාරය සිතින් සැළසුම් කරමිනි.

බස් රථයේ බොහෝ මගීන් සතුටින් සිංහල කම තළු මරමින් සිටින බව මා සවනට ඇසේ. වටපිටාවේ දැකිය හැකි ගිනි ජාලා ඔවුන්ගේ සිත් ප්‍රමෝදයට නංවා තිබේ. සෙබළුන් 13 දෙනෙකු මරා දැමූ ත්‍රස්තවාදීන්ට එරෙහිව සිංහල වීරත්වය බස් රථය තුළ ඔද වැඩෙමින් තිබුණේය. ඔවුන් උස් හඬින් කෙරෙන කතා බහ තුළ “දෙමළා සතුරා” බවට විනිශ්චය තීන්දු කර හමාරය. එහෙත් තමන් සතුරන් ලෙස සළකන මනුෂ්‍ය ප්‍රාණීන් තුන්දෙනෙකු බස් රථය තුළ සි⁣ටින බව මේ කිසිම මගියකු හීනෙන්වත් නොසිතන්නට ඇත.

බස් රථය දෙමටගොඩ මානෙල් සිනමා හල අසලට එන විට ඒ ආසන්නයේ තිබූ පෞද්ගලික සමාගමක් ගිනි ඇවිලෙමිනි තිබුණි. ඒ සමාගම රූපවාහිනී යන්ත්‍ර නිෂ්පාදනය කරන ආයතනයකි. මා දුටුවේ ඒ සමාගමේ ඇතුළේ සිට රූපවාහිනී යන්ත්‍ර කර තබා ගෙන එහි තාප්පයෙන් මෙපිටට එන ගැහැණු පිරිමි අහුරකි.

උස තාප්පයෙන් මෙපිටට ගමන් කිරීම සඳහා පඩි ⁣පෙළක් ලෙස එහි අඩුක් කර තිබුණේද රූපවාහිනී යන්ත්‍රය. ජාති ආලය කර තබා ගෙන ගැහැණු පිරිමි භේදයක් නැතිව සකසා ඒ රූපවාහිනී යන්ත්‍ර වලින් සකසා තිබූ පඩි පෙළ තරණය කිරීම හරිම අපූරු දර්ශනයක් විය. එහෙත් ඒ ගැන සිතා මට හිනහෙන්නට බැරිය. මගේ සිත වගකීමකින් බර වී තිබුණි.

බස් රථය හීන් සීරුවේ මරදාන ටෙක් හන්දියට ළඟා වූවා පමණි. කඩු පොලු රැගත් මැරයන් සමූහයක් පාරට පැන  බස් රථය නවත්වන ලදී.

“බැහැපියව් ඔක්කොම බස් එකෙන්” යැයි මැරයන් කෑ ගසද්දී මම ඉදිරි විනාඩිය සඳහා මුහුණ දීමට සැළසුම සිත තුළ පෙළ ගස්වා ගතිමි.

සර් නංගිල දෙන්න එක්ක මගේ පස්සෙන් එන්න යැයි මා ලුතිනන්වරයාට උපදෙස් දුන්නෙමි.”බය වෙන්න එපා”මා ඔවුන් දිරි ගැන්වූයෙමි. බස් රථයේ මා පා පූවරුවට බැස්සේ මගේ හමුදා හැඳුනුම්පත ඒ අසල පාරේ සිටි මදාවියන් වෙත දිගු කරමිනි.

මම හමුදාවේ. මේ හමුදාවේ ලෙෆ්ටිනන් සර් කෙනෙක් එයාල නංගිල දෙන්නත් ඉන්නවා මම පැවසීමි.

මැරයන් ගේ සාහසිකකම යටපත් විය. ඔවුන් අප  පිළිගත්තේ උදාන වාක්‍යයක් පවසමිනි.

“අපෝ, අපි සර්ල නිසා තමයි මේ පාරට බැහැල ඉන්නෙ. එන්න,එන්න සර්ල අපේ දෙයියරු”

එකෙක් පවසයි .ඒ අතරේම ඔහු වෙන එකෙකුට අණ දුන්නේ පාරේ ගමන් කරන වෑන් රථයක් නතර කරන ලෙසටය. ඒ සමගම ආ වෑන් රථයක් එහි නතර කර ගැණිනි.

“බැහැපල්ලා, ඔක්කොම ඕකෙන් ඩයිවර් විතරක් ඉද්දි” යැයි මැරයන් කළ නියෝගයෙන් වෑන් රථයේ සිටි කිහිප දෙනෙකු ඉන් බැස ගත්තේය.

“හරි දැන් මෙන්න මේ හමුදාවෙ සර්ල එයාල කියන තැනක⁣ට ගෙනහිල්ල දාල මේ කට්ටිය ගෙනියන්න ආපහු ⁣වරෙන්”  රියදුරුට නියෝග කළ මැරයන් අපට ඒ වෑන් රථයට නගින ලෙසට උපදෙස් දුන්නේය. මම දෙවරක් නොසිතීමි. ලුතිනන්වරයා හා ඔහුගේ නැඟෙනියන් දෙදෙනා හා මම ක්ෂණිකව වෑන් රථයට නැග්ගෙමි.

අපි මරදාන ස්ටේෂම ළඟට ගෙනිහින් දාන්න යැයි රියදුරුගෙන් ඉල්ලීමි. කිසි කතා බහක් ප්‍රශ්න කිරීමක් නැතුව රියදුරු එකඟ විය. ඒ තරමටම සියල්ලන්ම සිටියේ බියපත්වය. මට තිබුණේ ජීවිත තුනක් ආරක්ෂා කර ගැනීමේ සිතීම පමණය. වෑන් රථය මරදාන දුම්රිය ස්ටේෂම අසලට එන විට ඒ ආසන්නයේ සිටියේ හමුදා ට්‍රක් රථයක් සෙබළුන් පිරිසකි. මා ඒ ට්‍රක් රථයට ලුතිනන්වරයා හා නැඟෙනියන් දෙදෙනා බාර දී මගේ හුස්ම හෑල්ලු කර ගතිමි. මා නැවත කොටුවට  බස් නැවතුම අසලට එන විට ඒ අසල මහ පාරේ තැන තැන මළ කඳන්  තිබුණේ විසාලා මහනුවර මතකයට නංවමනි.

ඒ සිද්ධිය එතැනින් හමාර කරමි. ඉන් අවුරුදු ගණනාවකට පසුව මම හමුදාවෙන් ඉවත්ව ජනමාධ්‍ය ක්ෂේත්‍රයට ආවෙමි. දිනෙක මට දැන ගන්නට ලැබුණේ කළු ජුලියේදී හමුවූ ලුතිනන්වරයා මේජර් ජනරාල් තනතුරට පත් වූ බවය. මා ඔහුගේ දුරකථන අංකය හොයාගෙන ඔහු හට දුරකථන ඇමතුමක් ගත්තේ සුබ පතන්නටය.

“හලෝ සර් මම අහවලා සර්ට සුබ පතනවා” යැයි මම පැවසුවෙමි

“කවුද ඔබ…මට මතක නෑ හරියටම” මේජර් ජනරාල්වරයා කියයි.

“ම්ම්ම්, සර්ට මතකද1983 ජුලි 24දා ට්‍රින්කො බස් එකේ සිද්ධිය “මම ඔහු හා අතීතය ඇවිස්සුවෙමි”

“සොරි මට මතකයක් නෑ “ඔහුගේ ඒ පිළිතුරත් සමගම මම දුරකථන ඇමතුම විසන්ධි කෙරුවෙමි.

සැබැවින්ම මිනිස් ආත්මයකට එවැනි අමතක වීමක් වේදැයි මට සිතාගන්නට අපහසුය. උදාවන සෑම කළු ජූලියකදීම මට මුලින්ම සිහිපත් වන්නේ ඒ අකෘතඥ මිනිසා ගැනය. කෙසේ වෙතත් මට දැන් සිතෙන්නේ කලු ජූලිය මෙවැනි අකෘතඥ මිනිසුන් සමූහයකගේ සිත් පිත් නැති මුදාහැරීමක් බවය.

මාධ්‍යය සෑම වර්ෂයකම ⁣කලු ජූලිය සිහිපත් කෙරුවද මෙවැනි මිනිසුන් කිසි දිනක වෙනස් වන්නේත් නැත. ඒ නිසා අපගේ ඉදිරි පරම්පරාවේ දරුවන්ටද කලු ජූලි මාසය හෝ වෙනත් මාසයක් රතු පාට අත්දැකීමක් ලෙස දකින්නට ලැබෙන බව නම් නිසැකය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැලිගම මාලිමා මන්ත්‍රී නීතිඥ තාරකගේ නිවසට වෙඩි තිබ්බේ මාලිමාවෙන්… ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට බරපතල චෝදනාවක්!

Next Post

දෙහිවල දී සෞඛ්‍ය පරිපාලන නිලධාරියෙක් වෙඩි තබා ඝාතනය කරන්න හදලා… ගිනි අවිය ක්‍රියාත්මක නොවුන නිසා ජීවිතය බේරෙයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

Comments 1

  1. weerasekra says:
    මාස 10ක් ago

    හරිම කණගාටුයි කියන්න.මමත් ඔය විදියේම අත් දැකීම් ලබාපු කෙනෙක්.අනුරාධපුර ගොඩගේ මානතේදී මැරයන්ගෙන් බේරාගත් ලෝයර් හා පවුල

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.