-
මිදිගම ලසා ඉදිරියේ නීතිඥ තාරක ඇඹරුනා ද?… හඬ පටයෙන් කියැවෙන කතාවේ ඇත්ත හොයා දෙන්න…
තමන්ගේ නිවසට වෙඩි තබන ලද්දේ මාලිමාවේ දේශපාලන සැලැස්මක් ලෙස යැයි තමාට සැක සිතන බවත්, එය තහවුරු වුවහොත් තමන් අද පැවැත්වෙන වැලිගම ප්‍රාදේශීය සභාව පිහිටුවීමේ ඡන්දයට සහභාගී නොවන බවත් වැලිගම ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රී තාරක නානායක්කාර විසින් කළ දුරකථන සංවාදයකට අදාල හඬ පටයක් සමාජගත කරමින් ඊයේ (23) ඒකාබද්ධ විපක්ෂය විසින් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා හෙළි කළේය.
ඉකුත් 16දා වැලිගම ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාරගේ නිවසට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සජබ සභාපති අපේක්ෂක ලසන්ත වික්‍රමසේකර නොහොත් මිදිගම ලසා විසින් නීතිඥ තාරක නානායක්කාරට දුරකථනයෙන් කළ විමසීමක් මෙසේ පටිගත කර මාධ්‍ය වෙත මුදා හැර තිබිණි.
එම හඬපටය ඊයේ මාධ්‍ය ඉදිරියේ විකාශය කරමින් තාරක නානායක්කාර තරුණ නීතිඥවරයාට වෙඩි තැබුවේ මාලිමාවේ සැලසුමක් අනුව බව වැලිගම හිටපු සභාපති හා ස්ර්වජනබලයේ වැලිගම ආසන සංවිධායක පුෂ්ප කුමාර බැට්ටගේ කීවේය.
ඔහු කීවේ වැලිගම ප්‍රාදේශීය සභාව පිහිටුවීමට එරෙහිව මාලිමාව දියත් කර ඇති නින්දිත කුමන්ත්රණයේ එක් කොටසක් ලෙස මේ පහත් සිදුවීම වාර්තා වුන බවය. මේ අවස්ථාව සඳහා ස්වාධීන කණ්ඩායම් නායක මොහොමඩ් අජ්මාල්, සමගි ජන බලවේගයේ සභික මන්ත්‍රී නලින් නිෂාන්ත හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැලිගම ආසන සංවිධායක රොබින් සංඛ අමරසේන යන අය එක් වූහ.
කෙසේ වෙතත් මිදිගම ලසා යනු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැති අපරාධකරු සමග සමීප සම්බන්ධතා පවත්වමින් සිටින පුද්ගලයෙක් බව අපරාධ විමර්ශන අංශ ප්‍රකාශ කර තිබිණි. තවද ලසා යනු හරක් කටාගේ කොන්ත්‍රාත් අපරාධ රට තුළ ක්‍රියාත්මක කළ අපරාධකරුවෙක් බවත්, ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නෙක් බවත් එම විමර්ශන අංශ හෙළි කර තිබේ.
එමෙන්ම 2008 වර්ෂයේදී අවි ආයුධ පෙන්වා ඇගලුම් සේවිකාවකගෙන් රත්රන් බඩු කොල්ල කෑමේ සිදුවීමක් සම්බන්දයෙන්ද පුද්ගලයෙකුට වෙඩිතබා තුවාල කිරීම සදහා ආධාර අනුබල දීම යටතේ ද ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ.
ටී 56 ගිනි අවියක් නිවසේ තබා ගැනීම, පුද්ගලයන් කිහිප දෙනෙකුට මුදල් වංචා කිරීම, සන්ෂයින් සුද්දා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ සංවිධානාත්මක අපරාධකරු ඝාතන සැලැස්මක් මෙහෙයවීම ඇතුලුව අපරාද විශාල සංඛ්‍යාවක් සම්බන්දයෙන් නඩු රැසක් මොහුට එරෙහිව විභාග වෙමින් ඇති බවට අනාවරණය විය.
මින් පෙර කරන ලද අපරාධ රැසක් සම්බන්දයෙන් අවස්ථා කිහිපයකදී රක්ෂිිත බන්ධනාගාර ගත වී සිට ඇති මිදිගම ලසා නැමැත්තා මේ වනවිට ඉන්නේ අත්හිටවූූ සිර දඩුවම් පිට බව අධිකරණ වාර්තා හෙළි කරයි.
.







