දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩාංගණය අසල අද පෙරවරු 9.15ට පමණ සෞඛ්‍ය පරිපාලන නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කිරීමට කළ උත්සාහයක් අනූනවයෙන් ව්‍යර්ථ වී තිබේ.
අද පෙරවරු 9.15ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් ක්‍රීඩාංගණයේ අසල සිටි මෙ සෞඛ්‍ය පරිපාලන නිලධාරීවරයාට වෙඩි තැබීමට උත්සාහ කළද වාසනාවකට කුලී ඝාතකයාගේ ගිනි අවිය ක්‍රියාත්මක වී නැත.
පසුව පැදිකරු ඝාතකයාවත් රැගෙන පලාගොස් ඇති බව දෙහිවල පොලිසිය කියයි. ඝාතන තැතෙන් බේරුණ සෞඛ්‍ය පරිපාලන නිලධාරියා දෙහිවල පොලිස් ස්ථානය වෙත ගොස් සිද්ධිය පිළිබඳ පැමිණිලි කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.







