සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සේපාලගේ දළදා කතාව ගැන පාර්ලිමේන්තුව කම්පාවෙන්… අත්අඩංගුවට ගැනීමට යෝජනාවක්… ඩයනාත් සේපාල්ට බනී….

by editor
ජනවාරි 5, 2023
in පුවත්
sepal-amarasinghe
Share on FacebookShare on Twitter

දළඳාවහන්සේට හා බෞද්ධාගමට අපහාස කරමින් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ නිකුත් කළ සේපාල අමරසිංහ නැමැත්තා දණ්ඩ නීති සංග්‍රහයේ 290 වගන්තිය යටතේත්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 56 වගන්තිය (ICCPR) යටතේත් දඬුවම් කළ හැකි යැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසීය.
අද පාර්ලිමේන්තුව ඇමතූ ඔහු සඳහන් කළේ ආගමික ස්ථානයකට, ආගමික වස්තුවකට අපහාස වන අයුරින් කතා කරන්නේ නම්, ආගම අවතක්සේරු කරන්නේ නම් එය සාපරාධී වරදක් බවත් වසර 10ක් පමණ සිරදඬුවමක් ලබා දිය හැකි බවත් ය.

“සමස්ත බෞද්ධ ලෝකවාසීන්ගේම මුදුන්මල්කඩ විදියට සලකන්නේ දළදා මාලිගාව. එයට අපහාස උපහාස කරන්න අයිතියක් නෑ. සේපාල කියලා තැනැත්තෙක් ඉතාම නින්දිත විදියට දළඳාවහන්සේට අපහාස කිරීම නිසා ගරු සංඝරත්නයේත්, බෞද්ධාගමිකයන්ගේත් හිත් රිදිලා තියෙන්නේ. සේපාල නැමැත්තා මිථ්‍යා දෘෂ්ටිකයෙක් නිසා එයාට එහෙම කියාගන්න පුළුවන්. මන්දබුද්ධිකයෙක් කියලා හිතනවා නම් එහෙම කියාගන්නත් පුළුවන්. ඒත් රටේ තියෙන ආගමික සහජීනවය විනාශ කරන්න සමාජ මාධ්‍ය භාවිතා කිරීම අනුමත කරන්න බෑ. “ අධිකරණ ඇමතිවරයා කීවේය.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කිවේ සේපාල් අමරසිංහ අනාගමික තොරොම්බල් කාරයෙක් බවය.

“සේපාල අමරසිංහ කියන සුදු රැවුල්කාරයා රැඩිකල් අනාගාමික තොරොම්බල්කාරයෙක්. ඒ කට්ටියට ඕනේ බුදුදහම පිළිගන්න මිනිස්සුන්ගේ හිත් පෑරෙන විදියට පහර දෙන්න. අනාගමිකයෝ ඉන්න පුලුවන්. ඒත් එයාලට අයිතියක් නෑ හිත රිද්දන්න.. විශ්වාසයන්ට ගහන්න. දළඳා හාමුදුරුවන්ට ‘…….’ කියන්න.. එහෙම ප්‍රජාතන්ත්‍රවාදයක් ඕනේ නැ.. කරුණාකරලා මේ ප්‍රවණතාවයට වැටෙන්න දෙන්න එපා. ආණ්ඩුවද විපක්ෂය ද අදාළ නෑ. රාජ්‍යත්වයේ ප්‍රධාන වගකීම දළදාව රැක ගැනීම. තුප්පහි හිපාටුවන්ට ඉඩ දෙන්න එපා ආගම විනාශ කරන්න..”

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ද අදහස් දැක්වීය.

“එක කාලයක් ජාතිවාදී ගැටුම් නිසා ලේ වැගිරීමක් සිදු වුණා. ආගමික ගැටුම් නිර්මාණය වුණා. රට ගොඩ නඟන්න පුළුවන් සිංහල දෙමළ මුස්ලිම් ජනතාව එහෙම නැත්නම් බෞද්ධ, ඉස්ලාම්, කතෝලික වැනි ආගම් අදහන ජනතාව අතර ගැටුම් නිර්මාණය කර ගැනීමෙන් නෙමෙයි. විටින් විට මෙවන් මූළධාර්මික ගැටුම් නිර්මාණය කරන අය බිහිවෙනවා. මෙවැනි අන්තවාදී ප්‍රකාශයන්, ගැටුම් හරහා සිද්ධ වෙන්නේ රටේ තත්ත්වය පහත වැටෙන එක.. සමාජය එවැනි තත්ත්වයකට ඉඩ නොදී පාලනය ගෙන යන්න ඕනේ..”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සේපාල අමරසිංහගේ ප්‍රකාශය ගැන වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ පැවසුවේ සමාජ මාධ්‍ය හරහා මෙවන් ප්‍රකාශ කරමින් පුද්ගලයින් උත්සාහ කරන්නේ වෙනත් රටවලට සරණාගතයින් සේ ඇතුල්වීමට බවයි.

කෙලෙස හෝ රටින් පිටවීමට අවශ්‍ය නිසා රටටත්, ආගම්වලටත් අපහාස කරන බවත් එවැනි තැනැත්තන්ට රටින් පිටවීමට නොහැකි අන්දමට දඬුවම් ලබා දිය යුතු බවත් ඇය සඳහන් කළාය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර යෝජනා කළේ සේපාල අමරසිංහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් හෝ අත්අඩංගුවට ගත යුතු බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මියන්මාර් ජාතිකයන් 104 ප්‍රවාහනය කළ බෝට්ටුව පැදවූ පුද්ගලයා 16 තෙක් රිමාන්ඩ්

Next Post

ඩයනාගේ ද්විත්ව පුරවැසි වංචාව ගැන පූර්ණ විධිමත් පරීක්ෂණයක් කරන්න… අධිකරණයෙන් CID වෙත නියෝගයක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.