සුකේෂ් චන්ද්‍රසේකර්ට සම්බන්ධ රුපියල් කෝටි 215ක කප්පම් නඩුවේ චෝදනා පත්‍රයට ජනප්‍රිය නිලි ජැකලින් ෆර්නැන්ඩස් නම් කිරීමට ඉන්දීය නීති අංශ අද තීරණය කර ඇත.
ඒ අනුව ඇයට එරෙහි චෝදනා පත්‍රය අද ගොනුකිරීමට නියමිතව තිබේ.
නඩුවේ ප්‍රධාන සැකකරුවා වන සුකේෂ් චන්ද්‍රසේකර් විසින් මෙහෙයවන ලද කෝටි 215 කප්පම් සිද්ධියේ දී එම මුදල්වලින් ප්‍රතිලාභ ලබා ගත් තැනැත්තියක ලෙස ජැකලීන් ෆර්ඩිනැන්ඩස් චෝදනාවට ලක් වී ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි භාරතීය මහජන පක්ෂයේ මන්ත්‍රීවරයක වන අදිති සිංගේ සැමියාගේ නඩු කටයුත්තකට උදව් කරන නීති නිලධාරියෙක් ලෙස පෙනී සිටිමින් සුකේෂ් චන්ද්‍රසේකර් මෙම කෝටි දෙසීය පහළොවක මුදල කප්පම්ක් ආකාරයෙන් රැගෙන ඇත.
අඑම මුදලින් ජැකලින් කෝටි 10කට අධික ත්‍යාග ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
සුකේෂ් චන්ද්‍රසේකර් 33 හැවිරිදි පුද්ගලයෙකි. අපරාධ 32ක් සම්බන්ධව ඔහුට චෝදනා එල්ල වී තිබේ.
ඉන්දියානු බොලිවුඩ් සිනමාවේ තරුවක් වූ ජැකලින් ගේ පියා ශ්‍රී ලාංකික සම්භයක් සහිත එල්රෝයි ෆර්ඩිනැන්ඩස්ය. ඔහු සංගීතවේදියෙක් ලෙස ලංකාව තුළ කටයුතු කර තිබේ. 1983 ජාතිවාදී කලබල සමග ඔහු ලංකාව අත්හැර බහරේන් වෙත ගොස් ඇත. ජැකලින්ගේ මව කිම් ෆර්ඩිනැනඩස් මැලේසියානු සම්භවයක් සහිත කාන්තාවකි. ඇය ගුවන් සේවිකාවකි.
ජැකලින් උපත ලබන්නේ බහරේන්හිදීය. බහරේන්හිදී ප්‍රාථමික අධ්‍යාපනය ලබන ජැකලීන් ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලැබුවාය. ඉන්දියාවේ බොලිවුඩ් නලියක ලෙස කීර්තිමත් ජීවිතයක් ගත කළ ඇය අපරාධකාරී පුද්ගලයෙක් හා ගොඩනගාගත් සම්බන්ධතාවයක් හේතුවෙන් මේ වනවිට බරපතල අර්බුදයකට මුහුණ දී සිටින්නීය.