සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සීතාරාමන්ගේ ආයාචනය චීනයට ඇසේවිද ?

by Lanka Sara Editor
ජූලි 30, 2023 - Updated on අගෝස්තු 1, 2023
in පුවත්
The Union Minister for Finance and Corporate Affairs, Smt. Nirmala Sitharaman addressing a Press Conference, in New Delhi on June 28, 2021.

The Union Minister for Finance and Corporate Affairs, Smt. Nirmala Sitharaman addressing a Press Conference, in New Delhi on June 28, 2021.

Share on FacebookShare on Twitter

ඉන්දීය මුදල් අමාත්‍යවරිය නිර්මලා සීතාරාමන්  පසුගියදා  සුවිශේෂී ප්‍රකාශක් සිදු කළාය. එහිදී ඇය සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ විශාලතම ණය හිමියන් වන ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය විසින් මේවන විට ශ්‍රී ලංකාව පීඩාවට පත්ව ඇති ණය තත්ත්වයට මුහුණ දීමට සහය දිමට ඉදිරිපත්ව ඇති බවත් ඒ සඳහා චිනයටද ඉදිරිපත්විය හැකි බවත්ය එසේ චීනය ඉදිරිපත් වන්නේ නම් චීනය ඉතා =සාදරයෙන් පිළිගන්නා බවත්ය.

එහිදී ඇය විසින් පෙන්වා දෙනු ලැබුවේ මේවන විට ණය අවදානමකට මුහුණ දෙන රටවල් සඳහා ලබාදීමට ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් වේගවත් කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සහ ලෝක බැංකුවෙන් ඉල්ලා සිටින බවයි.

ශ්‍රී ලංකාව ඉකුත් වසරේදී සිය ඉතිහාසයේ අත් විඳි දරුණුතම ආර්ථික අවපාතයට මුහුණු දුන් අතර එය විශාල ජනවිරෝධයක් සහ රටේ නායකත්වය ඇතුළු දේශපාලනමය වෙනසක් කිරීමටත් සමත්විය.

මෙම ආර්ථික අර්බුදය දේශය වශයෙන්ම මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද දැඩි අවධානයක් දිනා ගැනීමට සමත්වූ අතර එහිදී ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යක් බවට ජාත්‍යන්තර වේදිකාව මතද ප්‍රකාශයට පත්විය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එවකට පැවති තත්ත්තවය හමුවේ ආර්ථිකයේ මූලික කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ආනයන කිරීමට පවා නොහැකි තරම් මෙරට විදේශ සංචිත හිඟ වීමට ප්‍රධාන සාධක කීපයක්ම බලපා තිබිණි. එහිදී ප්‍රධානතම සාධකයක් වූයේ ශ්‍රී ලංකාවට ගෙවීමට සිදුව ඇති අතිවිශාල විදේශ ණය වාරික සහ පොලී ගෙවීම්ය.

අර්බුදයක් දක්වා වර්ධනය තෙක් ලබා ගත් විදේශ ණය මුදල් හී ප්‍රධාන කොටස් කීපයක් වූ අතර එහිදී ජාත්‍යනතර සංවිධානය වලින් ලබාගත් ණය සහ විදෙස් රටවලින් සෘජුව ලබාගත් ණය මෙන්ම මූල්‍ය වෙලෙඳ පොලින් ලබා ගත් ණය හෙවත් ජාත්‍යන්තර බැදුම්කර නිකුත් කිරීමෙන් ලබාගත් ණයද ඒ අතර තිබිණි.

එම තත්ත්වයේදී ශ්‍රී ලංකාව දැඩි අසරණ තත්ත්වයකට පත්වූ අතර ඊට සහය දීමට ප්‍රථමයෙන්ම පැමිණියේ අසල් වැසි ඉන්දියාවයි. එහිදී ඉන්දියාව ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය අරමුදල් ලබා දීමට ඉදිරිපත් විය.

මෙලෙස අරමුදල් ලබාදීමත් සමඟ යම් ආකාරයකින් එතෙක් පැවති දරුණු ඉන්ධන අර්බුදය සමනය කිරීමට සමත්විය. ඉන් අනතුරුවද ඉන්දියාව විසින් සිය මිත්‍රත්වයේ දෑත දිඟු කරමින් ශ්‍රී ලංකාවට සහය වීමට තවදුරටත් ඉදිරිපත්විය.

අවශ්‍යම මෙහොතේ සහය දුන් ඉන්දියාව විසින් පසුව ශ්‍රීලංකාව, සිය ණය අර්බුදයෙන් මුදාගැනීමටද තමන්ගේ නොමසුුළු සහය දීමට පියවර ගෙන තිබිණි. එහිදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය සහය ලබා දීමටද සහය ලබාදුන්නේය.

මෙහිදී සිදු වූ විශේෂතව සිදුවීමක් වන්නේ ඉන්දීය මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාමන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහතිකයක් දීමයි. එහිදී ඇය සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව සහතික වීමට ඉදිරිපත් වන බවයි.

ඇයගේ එම ප්‍රකාශ ජාත්‍යන්තර වේදිකාවේදී ශ්‍රී ලංකාවට ප්‍රබල සහයක් විය. එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වූ සාකච්ඡා ආරම්භ කිරීමටද විශාල පිටිවහලක් විය. ඉන්දියාවේ සහය ශ්‍රී ලංකාවට සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පහසු කිරීමටත් කඩිනම් කිරීමටත් සමත් විය.

මෙහිදී ඉන්දියාව දිගින් දිගටම ජාත්‍යන්තර වේදිකාවේදී ශ්‍රී ලංකාව මුහුණදී ඇති ණය අර්බුදයෙන් මිදීමට අවශ්‍ය උපරිම සහය දිය යුතු බවට ප්‍රකාශ කර සිටියේය. එහිදී සීතාරාමන් පෙන්වා දුන් තවත් කාරණයක් වවන්නේ මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ණය හිමියන් ඉතා ඉවසිල්ලෙන් කටයුතු කළයුතු බවයි.

බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවල (MDBs) ප්‍රතිසංස්කරණ සහ බොහෝ ආතතියට ලක් වූ ආර්ථිකයන් සඳහා ණය සහන ක්‍රියාමාර්ග නියම කිරීමට ඉන්දියාව විශාල කැපවීමක් මෙවන විට සිදුකරයි. එහිදී ජී 20 සභාපති ධූරය හොබවන ඉන්දියාවේ මූලිකම මූල්‍ය මාර්ග ප්‍රමුඛතා දෙක හඳුනාගෙන ඇති බවද සීතාරාමන් අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

එහිදී මෙම අභියෝග වලට සහය දීමට වඩා පුළුල්, ඉතා විශ්වාසනීය සහ කඩිනම් ප්‍රවේශයක් අවශ්‍ය කරන බවත් එමෙන්ම මෙම අභියෝග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුව මේවන තෙක් පවත්වාගෙන් පැමිණි පොදු රාමුව තුල මෙන්ම ඉන් පිටතත් ගැටලු ඇති බවද ඇය පෙන්වා දුන්නාය.

“සංචාරක ව්‍යාපාරයට සහ තේ අපනයනය වැනි වෙනත් ක්ෂේත්‍රවල කීපයකට පමණක් ඉපැයීම් සීමා වී තිබීම නිසා මේවන විට දැඩි අභියෝගයකට පත්ව ඇති මධ්‍යම ආදායම්ලාභී රටක් වන ශ්‍රී ලංකාව පිළිබඳ උදාහරණය අප ඉදිරියේ ඇති බැවින්, රාමුව තුළ මෙන් ම ‘එයින් පිටත’ ඇති දෙවලුත් මම උපුටා දක්වන්න කැමතියි. ශ්‍රී ලංකාව යනු මැදි ආදායම් ලබන රටක් බැවින් රාමුවෙන් පිටත වුවද ඔවුන්ට ඉක්මන් ප්‍රතිකර්මයක් අවශ්‍ය වී තිබෙනවා,” යනුවෙන් ඇය ඉන්දීය ජපන් සංසදයේ සාකච්ඡාවකදී සඳහන් කළාය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල, දැනට ජී-7 සභාපතිත්වය දරන ජපානය, උද්ගතවී ඇති දැඩි ණය ආපදාව විසඳීමට කඩිනමින් පෙරමුණ ගත් බවද ඇය පෙන්වා දුන්නාය. “ජපානය ප්‍රංශය සහ ඉන්දියාව සමඟ එක්ව ණය හිමියන්ගේ කණ්ඩායමේ ඉක්මන් කමිටුවක් ඉදිරිපත් කළ අතර එය උද්ගතවී ඇති ණය ගැටලුව විසඳීමට පටන් ගත්තා. ඇත්ත වශයෙන්ම, එය විවෘත සංසදයක් වුනා, එය රටවල් තුනට පමණක් සීමා නොවුනු, විශාල ණය දෙන්නන්ගෙන් සංසදයක් ලෙස සලකමින් ඊට සහභාගී වීමට පැමිණෙන ලෙස චීනයට අපි සාදරයෙන් ආරාධනා කරනවා, ” යනුවෙන් සීතාරාමන් අමාත්‍යවරිය පැවසුවාය.

ජපානය විසින් ණය පීඩාවට විසඳුම් සෙවීම සඳහා ඵලදායී ප්‍රවේශයක් ලබාදී ඇති බවත් එහිදී අදාල ගැටලුව විසදීමට ජපන් නායකත්වයෙන් ඉතා යහපත් හොඳ ප්‍රතිචාරයක් ලැබී ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයි, ජී-7 සහ ජී-20 සංවිධාන එක්ව ගැටලුවට විසඳුම් ඉදිරිපත් කරන බවට සානාථ කිරීමට කදිම සාධකය මෙය බවත් ඇය පෙන්වා දුන්නාය.
කෙසේ වෙතත් ඉන්දීය මුදල් අමාත්‍යවරියගේ නව ඉල්ලීමට පෙරද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමට සහය දෙන ලෙසට ඉන්දියාවෙන් ඉල්ලීමක් කර තිබිණි. එහෙත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය ලබාදෙන සහය සම්බන්ධයෙන් විවිධ සැකයන් නිර්මාණ වී තිබිණි.

ඊට ප්‍රබලතම හේතුව වූයේ චීනය එම ඉල්ලීම ප්‍රතිචාර දැක්වීමට විශාල කාලයක් ගතකිරීමයි. එමෙන්ම පසුව චීනය සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ පවතින විදේශ විනිමය අර්බුදයට තමන්ට සහය දීමට හැකි වන්නේ තවත් ණය මුදලක් ලබාදීමෙන් බවයි.

චීනයේ එම ප්‍රකාශයෙන් ගම්‍ය වූයේ චීනය ශ්‍රී ලංකාව මේවන විට පැටලී ඇති ණය උගුලෙන් මිදීමට සහයක් දීමට කැමැත්තක් නොමැති බවත් තවත් ණය ලබාදෙමින් චීනයේ ඉත්තෙකු බවට පත්කිරීමට සැලසුම් කර ඇති බවත්ය.

එවන් පසුබිමක ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසදීමට ජාත්‍යන්තර මට්ටමේ මැදිගත් වීමක් කිරීම සැබෑ අසල්වාසියකු ලෙස ඔවුන් කටයුතු කරන බවට සනාථ කිරීමට කදිම නිදසුනකි.

Share69Tweet43
Previous Post

වජිරගෙ රත්තරං ගැන කී කතාව අහන්න චමුදිත සීයිඅඩීයට කැඳවයි

Next Post

කොළඹ සිට මොණරාගල ගිය බස් රියක් පෙරළී 14කට තුවාල

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.