අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සීතාට වෙඩි තිබ්වේ වන අලියෙකු යැයි සිතා නම් වන අලින්ට වනජීවී නිලධාරීන් සලකන හැටි හරිද?… දියවඩන නිලමේ වනජීවි නිලධාරීන්ගෙන් අසයි…

සීතාට වැදුන වෙඩි පහර වන අලියෙකුට වැදුනා නම් ඒ සතා දරුණු පීඩා විඳ කැලේ ඇතුළෙම මිය යන්න තිබුණා....

by editor
ඔක්තෝබර් 4, 2023
in පුවත්
Pradeep-Nilanga-Dela
Share on FacebookShare on Twitter

සීතා ඇතින්නට වෙඩි තැබුවේ වන අලියෙකු යැයි සිතා බවට වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත සිවිල් ආරක්ෂක නිලධාරියා කළ ප්‍රකාශය අනුව වනජීවි දෙපාර්තමේන්තුව වන අලි පන්නා දැමීමට අනුගමනය කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් ගැටලුවක් පැන නගින බව හීලෑ අලි ඇතුන් අයිතිකරුවන් ගේ සංගමයේ සභාපති, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල  පවසයි.

මෙම වෙඩි ප්‍රහාරය සැබෑ ලෙසම වන අලියෙකුට එල්ල වූයේ නම් එම සතා කැලය තුළ දී අප්‍රමාණ දුකක් විඳ ඇතැම් විට මිය යෑමට පවා ඉඩ තිබුන  බව ද දියවඩන නිලමේ වරයා  කීය.

අත්වැරදීම් කා අතිනුත් සිදුවිය හැකි නමුත් මේ ආකාරයෙන් වගකීම් විරහිතව කටයුතු කරන්නට විශේෂයෙන් සතුන් ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධාරියෙකු කටයුතු කළේ ඇයි ද යන්න සම්බන්ධව ගැටලු පැන නගින බව ඔහු කීවේය.

වනජීවි දෙපාර්තමේන්තුව පවසන ආකාරයට මෙම වෙඩි ප්‍රහාරය රබර් උණ්ඩ භාවිත කර සිදුකළ එකක් ද යන්න ප්‍රශ්නයක් බවත් මේ වනවිට තුවාල ඇති ස්ථාන ඉදිමී පැසවන තත්ත්වයක් දක්නට ලැබෙන බවත් කී දියවඩන නිලමේවරයා  රබර් උණ්ඩයකින් එවැනි තත්ත්වයක් ඇති නොවන බව පශු වෛද්‍යවරු පෙන්වා දෙන්නේ යැයි ද අවධාරණය කළේය.

මේ ආකාරයෙන් වනජීවි දෙපාර්තමේන්තුවට සම්බන්ධ නිලධාරියෙකු මීට පෙර හීලෑ අලියෙකුට වෙඩි තබා නොමැති බවත් මෙම වෙඩි ප්‍රහාරයෙන් වන අලින්ට සිදුවන හානිය සම්බන්ධව ද යම් අවබෝධයක් ලබා ගැනීමට හැකි බවත් දියවඩන නිලමේවරයා කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වෙඩි වැදී තුවාල ලබා සිටින වන අලින්ට සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව චෝදනා එල්ල කරන්නේ ගොවීන් ට හෝ දඩයම් කරුවන්ට බවත් මේ ආකාරයෙන් අලි පලවා හැරීමට දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කරන වෙඩි තැබීම් නිසා ද වන අලි බරබතළ ලෙස තුවාල ලැබිය හැකි බවත්  මෙම සිද්ධිය ඔස්සේ පැහැදිලි වන බවත් හෙතෙම පැවසුවේය.

මේ අවස්ථාවේ එකිනෙකාට චෝදනා එල්ල කර ගැනීමට වඩා වැදගත් වන්නේ සීතා ඇතින්න ප්‍රතිකාර කර සුවකර ගැනීම බවත් වන අලි පන්නා දැමීමට මේ ආකාරයේ උණ්ඩ භාවිත කිරීම සුදුසු නොවන බව තේරුම් ගැනීම වැදගත් බවත් දියවඩන නිලමේවරයා ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දුම්රිය නියාමක සංගමය ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයක …

Next Post

රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයට එන රෝගීන් සියයට 40ක් වැඩි වෙලා… ඇතුළත් වීම් සියයට 27කින් වැඩියි..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.