දිනසේන රතුගමගේ –
යාපනයේ මීසාලෙයි ප්‍රදේශයේ පාසල් සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ ගුරුවරයෙකුට ප්‍රදේශවාසීන් පිරිසක් පහර දීම නිසා බරපතල තුවාල ලබා අද (15) චාවකච්චේරී රෝහලට ඇතුළත් කොට තිබේ.
සති අන්තයේ පන්තියකට සහභාගී වූ මෙම පාසල් ශිෂ්‍යයා ගුරුවරයා විසින් ඔහුගේ නිවසට රැගෙන ගොස් ඔහුට ලිංගික අතවර සිදු කොට තිබේ.
මෙය සැල වූ වහාම ප්‍රදේශවාසීන් පිරිසක් නිවස වටකර ඔහුට පොලු මුහුරු වලින් පහර දී ඇත. ගුරුවරයා බරපතල තුවාල ලබා ඇති අතර ඔහුව චාවකච්චේරී රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කොට යවා තිබේ.
පාසල් සිසුවාගේ දෙමව්පියන් ඒ පිළිබදව චාවාකච්චේරී පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් පිරිසක් ඒ පිළිබදව පරීක්ෂණ පවත්වා අදාල ගුරුවරයාව රෝහලේදී අත් අඩංගුවට ගෙන පොලිස් රැකවරණය මැද වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන තිබේ.
පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







