සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිසුන් 22ක් සමූහ දූෂණයට ලක් කළ දැරිය පිළිබඳ පරික්ෂණය කරන අධිකරණ වෛද්‍ය නිලධාරියා නිසා පීඩාවට පත් දැරිය සිය දිවි හානි කරගන්න හදලා….

by editor
අගෝස්තු 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

  •  වැදගත් දෙමව්පියන්ගේ වැදගත් ළමයින්ව හිරේ දාන කටඋත්තර දෙන්න එපා කියලා දැරියට බැනලා තමන්ට අවශ්‍ය විදිහට කට උත්තරය ලියාගෙන.. දැරියගේ අම්මටත් ගහන්න හදලා….

  • උඹලා මොනවා කිව්වත් වැඩේ වෙන්නෙ මට ඕන විදිහට. නඩුව අහක දාලා දූෂණය වුන දැරිය පරිවාසෙට යොමු කරන බවට තර්ජනය කරලා…

  • දැරිය රෝහලේ ඉහළ මාලයේ ජනලේයකින් පැනලා සිය දිවි හානි කරගන්න හදලා… 

තණමල්විලදි සිසුන් 22 දෙදෙනෙකුගේ අපයෝජනයට ලක් වු දැරිය තණමල්විල පොලිසිය විසින් වෛද්‍ය පරික්ෂණ කටයුතු සදහා හම්බන්තොට මහ රෝහලට යොමු කිරීමෙන් පසු හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය වරයා විසින් දැරිය බිය කරමින් හා දැරිය දැඩි පිඩාවකට ලක් කරමින් ඉතා පහත් ලෙස දැරියට බැණ වදිමින් පහරදීමට උත්සාහ කළ බවට දැරියගේ මව විසින් හම්බන්තොට මුලස්ථාන පොලිසියට හා කොළඹ ජාතික ළමාරක්ෂණ අධිකාරිය වෙත ඊයේ (11) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

දැරියගේ මව පවසා ඇත්තේ වෛද්‍යවරයාගේ නින්දිත බැන වැදීමෙන් පසු මුලුමනින්ම බිඳ වැටුණු දැරිය රෝහලේ ජනේලයකින් පැන සිය දිවි නසා ගැනීමට උත්සාහ කළ බවය. පීඩාවට පත් වි ඇති තම දියණියට මේ තරම් පහත් ලෙස බැන නොවදින ලෙස වෛද්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ තමන්ට ද ඔහු පහර දීමට උත්සාහ කළ බව එම මව පොලිසියට පවසා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදි අපයෝජනයට පත් දැරියගේ මව මෙලෙස පැවසුවාය.

“මගේ දරුවව මානසික පීඩනයකට ලක් කරලා සිසුන් පිරිසක් විසින් අපයෝජනය කරලා තියෙනවා. ඉතින් මේ සිදුවිම පිළිබඳව අනාවරණය වුනාට පසු අපි මේ සම්බන්ධයෙන් තණමල්විල පොලිසියට පැමිණීල්ලක් ඉදිරිපත් කළා පසුගිය 10 වෙනිදා. ඒ අනුව තණමල්විල පොලිසිය මගින් මගේ දරුවා පරීක්ෂණ කටයුතු සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කරනු ලබුවා.”

“ඒ අනුව 11 දින හම්බන්තොට අධිකරණ වෛද්‍ය නිළධාරී වරයා දරුවාව පරික්ෂා කිරිමට මත්තෙන් දරුවගෙන් කට උත්තරයක් ලබා ගැනීම සිදුකළා. එහිදී වෙච්ච සිදුවිම දරුවා කියන කොටම අධිකරණ වෛද්‍ය වරයා තමුසේ කියන්නේ බොරු. තමුසේ අර අහිංසක කොල්ලන්ව හිර කරන්න නේද හදන්නේ කියලා එක සැරේම ළමයගේ ඇගට කඩාගෙන පැන්නා.”

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

“ළමය බයවෙලා ඉන්නකොට අධිකරණ වෛද්‍ය වරයා දරුවා මට එලියට දුන්නා ටික වෙලාවක් තියාගෙන ඉඳලා කටඋත්තරය දෙන්න එක්ක එන්න කියලා. ඒ වෙලාවේ දරුවා අඬමින් කිවුවා අම්මේ මම මෙතනින් අරගෙන යන්න කියලා. මම දරුවට කිවුවා මේක ඉවර වෙලා යමු ඉන්න කියලා. ඒ වෙලාවේ වෛද්‍ය වරයාගෙන් දරුවට ඇතිවෙච්ච පිඩනය ඉවසා ගන්න බැරුව රෝහලේ ඉහළ මාලයේ ජනේලයෙන් දරුවා පනින්න හැදුවා.”

“මම අල්ලගත්තේ නැත්නම් දරුවා ඉවරයි. ටික වෙලාවකට පස්සේ වෛද්‍ය වරයා දුව අයේ කාමරයට කැඳවලා කට උත්තරය ලියන්න ගියා. දරුවා අඩමින් යළි වෛද්‍ය වරයාට වෙච්ච සිද්ධිය කියනකොට අධිකරණ වෛද්‍ය වරයා ආයේ දරුවට බැන්නා.
“තමුසෙගේ ඔය බොරු කදුළු හලන්න එපා. මෙතන කිසි දෙයක් වෙලා නෑ. තමුසේ බොරු කියන්නේ කියලා.“

බැරිම තැන මම වෛද්‍ය වරයාට කිව්වා ඔහොම බනින්න එපා. දරුවට වෙච්ච දේ කියන්න දෙන්න කියලා. ඒ වෙලාවේ වෛද්‍ය වරයා මටත් අත ඉස්සුවා ගහන්න. හැබැයි ගැහුවේ නෑ. ඊට පස්සේ වෛද්‍ය වරයා “ඉන්නවකෝ මන් තමුසෙලා දෙන්නට හොද වැඩක් කරන්න. තමුසේ අද මොනවා කිව්වත් උසාවියේදි මේ නඩුව කැඩෙනවා. තමුසෙට ගෙදර යන්න ටිකට් කපන්න දෙන්නේ නෑ. තමුසේ ඔහොමම පරිවාසෙට දමනවා. තමුසේ අර ඔලිම්පික් තේරුච්ච වැදගත් ළමයෙකුත් මේකට පටලවාගෙන. ඒ ළමයගේ දෙමාපියන් වැදගත් මිනිස්සු “ කිය කියා හොඳටම දොස් කිව්වා.”

“අන්තිමේ මමත් දරුවත් හොදටම අසරණ වුණා. කරකියා ගන්න දෙයක් නැති වුණා අපිට. අවසානේදී අධිකරණ වෛද්‍ය වරයාට ඕනි විදියට කට උත්තරය ලිව්වා.”

“පසුව මම මේ වෛද්‍ය වරයාගේ කුරිරු ක්‍රියාකලාපය හා අශිලාචාර හැසිරීම සම්බන්ධයෙන් කොළඹ ජාතික ළමාරක්ෂණ අධිකාරියටත්, හම්බන්තොට පොලිසියටත් පැමිණිල්ලක් ඉදිරිපත් කළා. උගත් වෛද්‍ය වරයෙකු ලෙස දරුවෙකුට කතා කරන්න දන්නේ නැති එක ගැන පුදුම කණගාටුවක් තියෙන්නේ. අපි වගේ තව කොච්චර නම් අසරණ මිනිස්සු මේ විදියට මේ වෛද්‍ය වරයාගෙන් අපහසුතාවයට පත්වෙනවා ඇතිද.”

“ඒ වගේම මේ අධිකරණ වෛද්‍ය නිළධාරී වරයා විසින් ලබා දුන් තීන්දුවත් අපිට පිළිගන්න බැහැ. එම වෛද්‍ය වාර්තාව සම්බන්ධයෙන් හා දරුවව මානසික පීඩාවට පත් කළ හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය වරයා සම්බන්ධයෙන් නිසි පියවර ගනීවි කියලා විශ්වාස කරනවා.” යැයි ඇය පැවසුවාය.

වෛද්‍ය වරයාගේ මෙම ක්‍රියා කළාපය සම්බන්ධයෙන් අප හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වරියගෙන්ද විමසිමක් කල අතර එහිදී අධ්‍යක්ෂ වරිය පැවසුවේ තමන් වෙත එවැනි සිදුවිමක් මේ වන තුරුත් වාර්තා වි නොමැති බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අප කොළඹ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන්ද විමසිමක් කල අතර එහිදී එහි ප්‍රකාශිකාවක පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබි ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ෂණයක් පැවැත්විමට කටයුතු කරන වත්ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චමරී යළිත් වරක් ලෝකයේ හොඳම ක්‍රීඩිකාව ‍ලෙස ICCන් පිදුම් ලබයි… ජූලි ‍මස හොඳම ක්‍රීඩිකාව ඇය… ඇය මේ සම්මානයෙන් පිදුම් ලබන 3 වැනි අවස්ථාව….

Next Post

තණමල්විල දැරිය දූෂණය කළ දූෂකයින්ගේ පාර්ශවයෙන් දැරියටත් පොලිසියටත් දැඩි බලපෑම්… බාධක මැද දූෂකයින් 17ක් පොලිස් අත් අඩංගුවට… එක් සල්ලාලයෙකුගේ මවක් ද පොලිස් අත් අඩංගුවේ!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.