ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා පත්කර තිබේ.
අද (08) උදෑසන එම පක්ෂයේ හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු ජ්‍යේෂ්ඨයින්ගේ ප්‍රධානත්වයෙන් දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමක් පැවැත්වූ අතර, එහිදී එම තීරණය ගෙන ඇත.
මේ පත්වීම සිදුවන්නේ දීර්ග ගැටලුකාරී තත්ත්වයන් රැසක් මධ්‍යයේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩ බලන මහලේකම් භාරතී ලක්ෂ්මන් මිත්‍රපාල දිගින් දිගටම ප්‍රකාශ කළේ ශ්‍රිලනිප දේශපාලන මණ්ඩලය රැස් කිරීමේ බලයක් ජ්‍යෙෂ්ඨ උප සභාපතිවයාට පක්ෂ ව්‍යවස්ථාව අනුව පැවරී නැති බවය.
මේ තත්ත්වය තුළ මේ රැස්වීම මෙන්ම මෙම රැස්වීමේ දී ගන්නා සියලු තීන්දු පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි වලංගු නොවන තීන්දු බව ප්‍රකාශයට පත් විය. ඔහු පවසා තිබුණේ නිමල් සිරිපාල ද සිල්වා ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරයෙන් නෙරපා ඇති හෙයින් ඔහුට එම ධූරයෙන් පෙනී සිටීමට කිසිම බලයක් ද නැති බවය.







