මහනුවර ගැටඹේ දියකපනාතොට විහාරස්ථානයේ පිං කැටය කැඩීමට පැමිණි බව කියන පුද්ගලයෙකුට විහාරස්ථාන පරිශ්‍රයේ දී අමානුෂික ලෙස පහර දී ඝාතනය කිරිමේ සිද්ධියට අදාලව පන්සලේ විහාරාධිපති හිමි නම සහ ග්‍රාම ආරක්ෂකයෙක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
අත් පා බැඳ පහර නින්දා සහගත ලෙස පහර දී මෙම පුද්ගලයා ඝාතනය කර තිබී හමුවන්නේ ඊයේ (07) අළුයමය. මෙසේ ඝාතනය කර තිබුණේ මැණික්හින්න ඉත්තමල්ලියගොඩ ප්‍රදේශයේ පදිංචි චමිල සූධීර රත්නායක (43) නමැති හිටපු යුද හමුදා සෙබලෙකි.
මියගිය පුද්ගලයා විහාරස්ථානයට පැමිණි බවට සැක කරන යතුරු පැදියක් සහ පොලිස් යනුවෙන් සඳහන් ස්ටිකරයක් ඇල වූ හෙල්මටයක් ගරාජයේ තිබී පොලිසියට හමුවී ඇත.
මෙම පුද්ගලයා අලුයම 3.30ට පමණ විහාරස්ථාන භූමියට ඇතුළු වී තිබෙන බවට තොරතුරු අනාවරණය ඇත.
අත් පා ලණුවලින් ගැටගසා අමානුෂික ලෙස පහර දී පැය ගණනාවක් යනතුරුම සිද්ධිය සම්බන්ධයෙන් විහාරස්ථානය මඟින් පොලිසිය දැනුම්වත් නොකරීම ගැටලු සහගත බව මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී මහනුවර උසස් පොලිස් නිලධාරියකු පැවසුවේය.
විහාරස්ථන පරිශ්‍රයේ පොලිස් මුර පොළක් ද ක්‍රියාත්මකය. එහි සේවයේ නියුක්තව සිටි ග්රාමාරක්ෂක නිලධාරියකු පොලිසියට පවසා ඇත්තේ තමන් ශබ්දයක් ඇසී බලන විට පුද්ගලයන් කිහිපදෙනකු තවත් අයෙකුට පහර දෙමින් සිටිනු දුටු බවය.
මහනුවර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායකගේ මෙහෙය වීම මත පොලිස් අධිකාරී එන්.ඉලංගකෝන්, මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් ඇතුළු පිරිසක් පරීක්ෂණ පවත්වති.







