සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිය පාසලේ දැරියකගේ නිරුවත් දර්ශන ජංගම දුරකථනයකින් ලබාගෙන දැරිය අපයෝජනය කළ දිවුලපිටියේ ගුරාට පොලිස් සහනයක්…

විදුහල්පති හා මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විශේෂ විමර්ශනයක... මිනුවන්ගොඩ පොලිසියේ අරුම පුදුම හැසිරීම ගැන කලාපයේම අප්‍රසාදය....

by editor
ජනවාරි 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සිය ජංගම දුරකථනය උපයෝගි කරගෙන සිය පාසලේ තමන් විසින් අධ්‍යාපනය ලබා දෙන තරුණ දැරියන් අපයෝජනය කරමින් ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ පට ගෙන්වාගෙන නින්දිත කාම අපරාධයක නිරතවුන දිවුලපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පාසලක විද්‍යා ගුරුවරයෙක් සම්බන්ධව මේ වනවිට දිවුලපිටිය පොලිසිය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම අශ්ලීල ගුරා විසින් සිය විකෘති කාම ආශාවන් සංතර්පනය කරගැනීම සඳහා මව් පිය සෙනෙහස අහිමිවුන, වෙනත් ගැටලු සහිත බව පෙනෙන දැරියන්ට ලංවී ඔවුන් සමග සමීප සම්බන්ධතා ගොඩනගා ගනිමින් ඔවුන් නිරුවත් කර ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබා ගැනීම සම්බන්ධව චෝදනා ඇති බවත්, ඔහුගෙන් අතවරයට පත් වුන දැරියන් පිළිබඳව සොයා බලා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා ලංකාසර කළ විමසීමක දී පැවසීය.

මේ වනවිට මෙම ගුරා විසින් වීඩියෝ මාර්ගයෙන් අපයෝජනය කළ වින්දිත දැරියගේ පියා මියගොස් ඇති අතර මව විදේශගතව සිට පැමිණ තිබේ. දැරිය මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම්වන 16 හැවිරිදි වියේ පසුවන්නියකි. පාසලේ වැඩ කටයුතු නිවසේ සිට කිරීමට අපහසු බැවින් ඇය සිය නැන්දනියගේ නිවසේ නැවතී සිටිය දී නැන්දනියට ඇයගේ හැසිරීම පිළිබඳ සැක සිතී දුරකථනය පිරීක්ෂා කරද්දී මෙම ගුරුවරයා දැරියගේ නිරුවත් දර්ශනද ගෙන්වාගෙන ඇයව අපයෝජනය කර ඇති ආකාරයත් ඇයව කාමරයකට රැගෙන යෑමට සිදුකරන පෙළඹවීම් සහිත වට්ස්ඇප් පණිවිඩයත් සොයාගෙන ඒ සම්බන්ධව මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇත.

එමෙන්ම මේ ගුරා දැරියට විටින් විට මුදල් ද ලබා දී තිබේ.

එහෙත් ඛේදවාචකය වන්නේ මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය විසින් මේ අලජ්ජී ගුරා රැකගෙන වින්දිත දැරිය තවත් අපහරණයට ලක්වන ආකාරයේ පහත් හැසිරීමක් පෙන්වීමය.

RelatedPosts

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

මෙම දැරිය වයස අවුරුදු 16ට වැඩි බවත්, ගුරා සහ දැරිය අතර ඇතිවන සම්බන්ධය ඒ දෙපාර්ශවයේ කැමැත්ත මත ඇතිවන බැවින් ගුරුවරයාට කරදරකයක වන ආකාරයට හැසිරීම අපරාධයක් බවත්,  මේ තොරතුරු කිසිවක් මාධ්‍ය ඔස්සේ පල නොකරන ලෙසත් මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ කාන්තාව අපට දැන්වූවාය.

ළමා හා කාන්තා කාර්යාංශය භාර කාන්තාව පවසන්නේ ගුරා පැමිණ ඇත්තේ මේ දැරියට උදව් කිරීමට බවය. දුරකථනයෙන් කතා කිරීම හෝ පෙනී සිටීම වරදක් නොවන බවය.

කෙසේ වෙතත් මේ වනවිට අදාල විමර්ශන දිවුලපිටිය පොලිසිය වෙත භාර දී තිබේ. ගුරුවරයෙක් විසින් දරුවෙක් විකෘති ලිංගික අපයෝජනයට ලක් කිරීම අපරාධයක් ලෙසට නොව, සදාචාරාත්මක වරදක් ලෙස තේරුම් කරගත නොහැකි මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ  පැවැත්මෙහි අර්ථය කුමක් දැයි මේ වනවිට ප්‍රශ්නයක් මතුවෙමින් තිබේ.

සිද්ධිය සම්බන්ධව නිසි පැමිණිල්ලක්වත් සටහන් කරගෙන නැති ආකාරය හෙළිවන අතර  දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇති බවත් ඇය දූෂණයකට ලක් වී නැති බවත් එබැවින් ප්‍රශ්නයක් නැති බවත් මිනුවන්ගොඩ ළමා හා කාන්තා කාර්යාංශය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධව මිනුවන්ගොඩ පොලිසිය හැසිරුන නින්දිත ආකාරය සම්බන්ධ පිළිකුලක් ද සහිතව දිවුලපිටිය පොලිසියේ හැසිරීම සමස්ථ අධ්‍යාපන කලාපයම දැඩිව අවධානයෙන් බලා සිටින බව කලාප අධ්‍යාපන ආරංචි මාර්ග පවසයි.

මේ වනවිට අදාල ගුරුවරයාගෙන් අපයෝජනයට ලක් වුන දරුවන් සම්බන්ධව පාසල් මට්ටමින් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත. කලාප අධ්‍යාපන කාර්යාලය ද සිද්ධිය සම්බන්ධව විශේෂ විමර්ශනයක් අරඹා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පේරාදෙණිය සරසවියේ සෙනරත් පරණවිතාන කෞතුකාගාරයේ මිල කළ නොහැකි කෞතුක භාණ්ඩ තොගයක් අතුරුදහන්… සී.අයි.ඩී විමර්ශන ඇරඹෙයි!

Next Post

හමුදා සහ STF ආරක්ෂාව ඇතිව කොළඹ වැලිගම හදන ඊශ්‍රයාල ආගමික මධ්‍යස්ථාන මොනව ද?… මුජිබර් පාර්ලිමේන්තුවේදී අසයි!

Related Posts

පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  
  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.