දිනසේන රතුගමගේ –
ගෙල වැල ලාගෙන මිය ගිය බව කියූ වවුනියාවේ තරණිකුලම් ප්රදේශයේ 17 හැවිරිදි තරුණියකගේ මරණය සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ගම්වාසීන් පිරිසක් ඊයේ (20) වවුනියාව ඊච්චන්කුලම පොලීසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.
මෙම තරුණිය ගෙළ වැළලාගෙන මියගිය බව පවසමින් පරීක්ෂණ කටයුතු හමාර කොට ආදාහනය සදහා දේහය ඥාතීන්ට බාර දී තිබුණද ගම්වාසීන් කියා සිටින්නේ එම දැරියගේ මවගේ දෙවන විවාහයේ සැමියා මෙම තරුණිය සමග අනියම් සබඳකමක් පවත්වා එය හෙළිවීමෙන් පසුව තරුණිය ඉතා සූක්ෂම ලෙස මරා එල්ලා ඇති බවය.

මේ සම්බන්ධයෙන් පොලීසිය මැදිහත් වී මියගිය දැරියට සාධාරණය ඉෂ්ට කරණ ලෙසත් මෙම මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් ගම්වාසීහු ඉල්ලා සිටියහ.
තරණිකුලම් ගම්මානයේ වැසියන්ගේ ඉල්ලීමට පොලීසියෙන් සාධාරණයක් ඉටු නොවූ බව පවසන ගම්වාසීන් මේ සම්බන්ධයෙන් රජයේ ඉහළ නිලධාරීන්ට තත්ත්වය අවබෝධ කොට දී යම් සාධාරණයක් බලාපොරොත්තු වන බව කියා සිටියහ.







