බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ඉල්ලා අස් වෙයි!

by editor
අප්‍රේල් 21, 2024
in පුවත්
willy
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය – 

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්යය විලී ගමගේ  ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීම සදහා වූ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත යවා තිබෙන බව ආණ්ඩුකාරවරයාට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය 2024 අප්‍රේල් මස මස 08 වෙනි දින යවා තිබෙන මෙම ඉල්ලා අස්වීමේ ලිපිය මගින් ඉල්ලා අස්වීම 2014 මැයි මස 02 දින සිට බල පැවැත්වෙන පරිදි යවා තිබෙන බවද එම ආංරංචි මාර්ග වැඩි දුරටත් කීවේය.

සිය ඉල්ලා අස්වීමෙන් පසුව විලී ගමගේ   සිය ඉදිරි දිවිය සියළු දේශපාලන කටයුතුවලින් ඉවත්ව විශ්‍රාම සුවයෙන් ගත කිරීමට තීන්දුකර තිබෙන බවද ඒ සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂද දැනුවත් කර තිබෙන බව වාර්තා වේ.

විලි ගමගේගෙන් පුරප්පාඩුවන දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයට දැනට වයඹ ආණ්ඩුකාර ලෙස කටයුතු කරන ලක්‍ෂමන් යාපා අබේවර්ධන  පත් කිරීමටද සැලසුම් කර තිබේ. 

ජනාධිපති ලේකම් කාර්යාලයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ආණ්ඩුව හා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන හා ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී   සාගල රත්නායකගේ ඉල්ලීම පරිදි ලක්ෂ්මන් යාපා අබේවර්ධන  දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙන බවයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ලක්ෂ්මන් යාපා අබේවර්ධනගෙන් හිස්වන වයඹ පළාත් ආණ්ඩුකාර ධූරය සදහා නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමතිවරයෙකු වන නසීර් අහමඩ්  පත් කිරීමට නියමිත බවද ජනාධිපති ලේකම් කර්යාලය කියයි. මෑතකදී හසිදි අනතුරක් හේතුවෙන් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ වයඹ ආණ්කාර ධූරය සදහා පත් කරන ලෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක් තිබෙන බවත් ඒ නිසා මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්යය විලී ගමගේ  රාජකාරි ආරම්භ කරන ලද්දේ 2019 නොවැම්බර් 25 දිනය. ඔහු දකුණු පළාතේ 11 වැනි ආණ්ඩුකාරවරයා විය. යහ පාලන රජය කාලයේ නිරන්තර පළි ගැනීම්වලට ලක් වූවන් එකතු වී ගොඩනගා ගන්නා ලද ‘යුක්තියට හඩක්’ සංවිධානයේ සභාපතිවරයා වූයේද ආචාර්යය විලී ගමගේය. ඩලස් අලහප්පෙරුමගේ උපදෙස් මත ගොඩනගන ලද ‘යුක්තියට හඩක්’ සංවිධානයේ බෝහෝ දෙනෙකුට 2019 මහ මැතිවරණ හා ජනාධිපතිවරණ ජයග්‍රහණවලින් පසුව විවිධ තනතුරු ලබා දීමට බැසිල් රාජපක්ෂ මැදිහත් විය. ආචාර්යය විලී ගමගේ මහතාට දකුණේ ආණ්ඩුකාර තනතුර ලැබුණේද මෙම මැදිහත් වීම හේතුවෙනි.

කෙසේ වෙතත් ආණ්ඩුකාර තනතුරට පත් වීමෙන් පසු තමන් නොසලකා හැරියේ යැයි පොදුජන පෙරමුණු ආණ්ඩුව පත් කිරීමට කටයුතු කල බොහෝ පිරිස් විලී ගමගේට විරෝධය දැක්වීය. 

දිගින් දිගටම පැවති මෙම විරෝධය ඔහු ඉල්ලා අස්වන තැනට කටයුතු සැලැස්වීය යන්න සහ ඉදිරි ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ආණ්ඩුවේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට වෙනත් අයෙකුගේ වුවමනාව හේතුවෙන් විලී ගමගේට ඉල්ලා අස් වන්නට සැලැසුවූයේ යැයි යන අදහස දේශපාලන පිටියේ අසන්නට ඇත. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩ බලන සභාපතිකමට විජේදාස රාජපක්ෂ …

Next Post

සිය දිවි නසා ගත් බව කී 17 හැවිරිදි තරුණිය මරා එල්ලලා… ගම්වාසීහු මගට බැස කියති! 

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.