ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරය සඳහා අමාත්‍ය විජයදාස රාජපක්ෂ ව පත්කර ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
වාරණයට ලක්වූ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශ්වය අද පෙරවරුවේ ඇතුල්කෝට්ටේ ප්‍රසිද්ධ හෝටලයකදී කැඳවා තිබූ විධායක සභා රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇතිබව වාර්තාවිය.
මින් පෙර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් රැස් කළ ඇයගේ පාර්ශවය විසින් වැඩ බලන සභාපති ලෙස නිමල් සිරිපාල ද සිල්වා පත් කරගෙන තිබිණි. එය නීති විරෝධී බව මෛත්‍රීපාල සිරිසේන ගේ පාර්ශවය සඳහන් කළේය.
විජේදාස රාජපක්ෂ විසින් මින් පෙර තමන්ට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභාපති ධූරය සඳහා ආරාධනා ඇති බවත්, තමන්ට ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනතාවගෙන් ආරාධනා ඇති බවත් ප්‍රකාශ කළේය.