සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිංහල මිනිස්සු දේවත්වයෙන් සලකන යාපනයේ ඇස් දොස්තර

by Lanka Sara Editor
අගෝස්තු 18, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ:

උතුරේ දෙමළ දේශපාලනඥයෝ යාපනයට වී ජාතිවාදී අදහස්වලින් මිනිසුන්ගේ මනස පුරවන අතරවාරයේ දකුණේ සිංහල ජනතාවගේ සිත් තුළ සදා පැළපදියම් වූ දෙමළ වෛද්‍යවරයෙකු අපට දැන ගන්නට ලැබුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැචවච්චිය හල්මිල්ලෑවව වැනි ප්‍රෙද්ශවල වැසියන්ගෙනි.

මෙම වෛද්‍යවරයා යාපනය ශීක්ෂණ රෝහලේ අක්ෂි වාට්ටුවේ සේවය කරන අක්ෂි වෛද්‍ය විශේෂඥ මුත්තුසාමී මලවරන් මහතාය. ඔහුගේ කාරුණිකත්වය සමඟ ලැබෙන ප්‍රතිකාර පතා මේ වනවිට අනුරාධපුරය මැදවච්චිය පදවිය කැබිතිගොල්ලෑව වැනි සිංහල ගොවි ගම්මාන වල දුප්පත් ගැමියෝ යාපනය රෝහලට ඇදෙති. ඔහුගේ ගුණ ගැන සිහි කරන විටදීත් දෑත් එකට එක්ව ඔහුට සිතින් වඳින්නේ නිරායාසයෙනි.
මැදවච්චියේ ඩබ්ලිව්.ඒ. විජේසිරි මහතා මලවරන් ඇස් දොස්කර මහත්තයාගෙන් ප්‍රතිකාර ගන්නට යාපනේ බලා ගිය සිංහලයෙකි. ඔහු අක්ෂි රෝගියෙකු වී ඇත්තේ දියවැඩියා රෝගය නිසාය.ඔහුගේ ඇස් දෙකම අන්ධ වීමට ගිය අවස්ථාවේදී ඔහුට එක් ඇසක් බේරා දී ඇත්තේ මේ වෛද්‍යවරයාය.

” මට දියවැඩියාව හැදිලා දකුණු ඇහැ නරක්ම වෙලා ගියා.වම් ඇහැ බේරලා දුන්නේ මේ දොස්තර මහත්තයා තමයි.මට ඒකට වියදමක් කියලා ගියේ යාපනයට යන්න එන්න බස් කුළිය විතරයි”
කැබිතිගොල්ලෑව වැනි පළාත් වල ජනතාවද මේ වෛද්‍යවරයාට ඉතා ඉහළින්ම ගරු කරති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

”අපිව කිසිම දාක රස්තියාදු කරන්නේ නෑ.අපිට සල්ලි නෑ කියලා දැන ගත්තම අපේ ඇස්වලට කාච දාලා ඔපරේෂන් එක කරලා ඉක්මනින්ම ගෙවල් වලට එවනවා.ගෙදර ආවට පස්සේ අපිට ටෙලිෆෝන් කරලා අපේ තත්ත්වය ගැනත් අහනවා.”

අපි මේ පළාත් වල ඉඳලා යාපනේට ගියාම ඒ මහත්තයා අපිට හොදට සලකනවා. දෙපාරක් එන්න ඉඩ තියන්නේම නෑ..සමහර පරීක්ෂණ කරන්න සල්ලි ඕනෙම වෙනවා ඒත් මේ දොස්තර මහත්තයා කොහොම හරි ඒ පරීක්ෂණ ටික ඉස්පිරිතාලෙන්ම කරලා දෙනවා.

උතුරෙන් බැහැර සිංහල ජනතාව දෙමළ විශේෂඥ වෛද්‍යවරයා ගැන මෙසේ කතා කරද්දී අපට මතක් වන්නේ යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ පී.සත්‍යමූර්තී වෛද්‍යවරයාය. ශ්‍රී ලංකාවේ සිටින දෙවන හොදම හා විශිෂ්ඨ රාජ්‍ය සේවකයාට හිමි රන් සම්මානය දිනාගෙන සිටින සත්‍යමූර්ති මහතා වවුනියාව මහ රෝහල නවීන පන්නයට ගොඩනැගීමට මූලික අඩිතාලම දැමූ අයෙකි.

ඔහු වැන්නකු යටතේ පාලනයබ වන රෝහලක සේවය කරන මේ සුවිශේෂී මනුෂ්‍යත්වයක් උරුම මේ වෛද්‍යවරයාට දකුණේ සිංහලයින්ගෙන් පින් අනුමෝදන් වන්නේද සත්‍යමූර්ති වෛද්‍යවරයා යාපනය රෝහලේ අධ්‍යක්ෂවරයා වශයෙන් එම රෝහල දක්ෂ ලෙස මෙහෙයවන නිසාමය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙගාවොට් සියයක විදුලිබල ධාරිතාවක් සැප්තැම්බර් මසදී ජාතික විදුලිබල පද්ධතියට

Next Post

ජීවන් තොණ්ඩමන්ගේ නිවස ඉබේ ගිනිගත්තා ද?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.