දිනසේන රතුගමගේ
ශ්‍රී ලංකාව තුළ දැනට ඉදිවී ඇති විශාලතම සුළං විදුලි උත්පාදන බලාගාරය වන මන්නාරම බලාගාරයෙන් මෙගාවොට් සියයක විදුලි බල ධාරිතාවයක් සැප්තැම්බර් මසදී ජාතික විදුලිබල පද්ධතියට එක් කරණ බව විදුලිබල මණ්ඩලය සදහන් කරයි.
මන්නාරම සුළං විදුලි බලාගාරයේ වැඩ මේ වන විට අවසන් වී ඇති අතර එය ශ්‍රී ලංකාවේ දැනට විශාලම විදුලි උත්පාදනයක් කරණ බලාගාරය වෙයි.
මෙම ව්‍යාපෘතිය ඉන්දීය හා දේශීය සමාගමක් විසින් ඉදි කළ අතර පසුගිය රජය විසින් මෙම විදුලි බලාගාරය ඉදි කිරීමේ කටයුතු ප්‍රමාද කිරීම නිසා විදුලි බල මණ්ඩලයට දිනකට රුපියල් කෝටි පහක පමණ අලාභයක් විදීමට සිදුව තිබේ.
දෙමළ ජාතික සන්ධානය මෙම බලාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පලකල අතර ඔවුන්ගේ උසි ගැන්වීම මත ගම්මාන වල වැසියෝ මෙම බලාගාර ඉදිකිරීමට එරෙහිව කටයුතු කළහ.
මීට අමතරව යාපනයේ තෙන්මරච්චි මරවන්පුලව් ප්‍රදේශයේද සුළං විදුලි උත්පාදන බලාගාරයක් ඉදිකරගෙන යන අතර ඉන් ජාතික විදුලි බල පද්ධතියට එක් කරගැනීමට නියමිත විදුලි ධාරිතාවය මෙගා වොට් 120 කි.