සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිංහරාජයේ ජලාශ හැදිල්ලට  යුනෙස්කෝව එපා කියයි

by editor
අප්‍රේල් 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

හම්බන්තොට දිස්ත්‍රික්කයට ගිං ගඟේ ජලය ලබා ගැනීම සඳහා සිංහරාජය වනාන්තරය තුළ ජලාශයක් ඉදිකිරීමේ යෝජනාවට තමන් විරුද්ධ වූ බවත් මේ තත්ත්වය මේ වනවිට රජය අවබෝධ කරගෙන වෙනත් විකල්පයක් වෙත යොමු වී අති බවත් යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රි ලංකා ජාතික කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය පුංචි නිලමේ මීගස්වත්තේ  පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා සහය දුන් ප්‍රමුඛතම ව්‍යාපාරයවන වියත්මඟ ව්‍යාපාරයේ ද සභාපතිවරයා වන මීගස්වත්තේ  පවසන්නේ වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ  සහ වාරිමාර්ග ඉංජිනේරුවන් වෙත මෙය කළ නොහැකි කටයුත්තක් බව තමන් විසින් කරන ලද පැහැදිළි කිරීමෙන් පසුව වාරිමාර්ග ඉංජිනේරුවන් සහ රජය මේ වනවිට එම අදහස අතහැර වෙනත් විකල්ප යෝජනා කෙරෙහි අවධානය යොමු කර ඇති බවය.

 ඊයේ (28) ඩේලි මිරර් පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ආචාර්ය මීගස්වත්තේ මෙසේ පවසා ඇත.

“ සිංහරාජයේ ජලාශයක් ඉදිකරන යෝජනාව කරලියට ආවේ මේ පිළිබඳව චමල් රාජපක්ෂ අමාත්‍යවරයා කළ ප්‍රකාශයකින් පසුවයි. වාරිමාර්ග ඉංජිනේරුවන් යෝජනා කර තිබුණේ හම්බන්තොට පවතින ජල ප්‍රශ්නයට විසඳුමක් ලබා දීම සඳහා සිංහරාජයේ මාදුගැටේ කියන ප්‍රදේශයෙන් ජලාශයක් ඉදිකොට ගිං ගඟ හරස්කොට එයට ජලය ලබාගෙන එම ජලය හම්බන්තොට දක්වා යැවීමටයි. මෙම ඉංජිනේරුවන් මා සමඟ සාකච්ඡා කළා. මම ඔවුන්ගෙන් ඇහුවා ඇයි ඔබ මේ ලෝක උරුම සිංහරජයේ තැනක් තෝරා ගත්තේ කියල. ඔවුන් පවසන්නේ ඔවුන්ගේ දත්ත අනුව ජලය වැඩි ප්‍රමාණයක් රඳවා ගත හැකි හොඳම ස්ථානය මෙම මාදුගැටේ කියල. නමුත් මම ඔවුන්ට පැහැදිලි කළා. මේ වනාන්තරය ස්වාභාවික ලෝක උරුමයක් බව. මෙවැනි ඉදිකිරීමකින් මේ වනාන්තරයට හානි සිදුවන බව.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

යුනෙස්කෝ ප්‍රකාශයට පත් කළ ස්වාභාවික ලෝක උරුමයකට අත තියන්න තනි රජයකට හෝ පුද්ගලයකුට බෑ. ඒ සඳහා නිසි අවසරයක්  ලබා ගත යුතුයි. මම ඔවුන්ට පැහැදිලි කළා. මෙම ව්‍යාපෘතියට කිසිසේත් යුනෙස්කෝ සංවිධානය අනුමැතියක් ලබා නොදෙනු ඇති බව. ඒ බව පැහැදිළි කළාම මෙම ඉංජිනේරුවන් වගේම රජයත් අදාළ යෝජනාව ඉවත් කර ගත්තා. ඔවුන් විකල්ප කෙරෙහි අවධානය යොමු කිරීමට තීරණය කළා.“යයි සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතිය හේතුවෙන් මෙතෙක් සිංහරාජ ලෝක උරුමයට කිසිදු බලපෑමක් ඇති නොවූ බවද හෙතෙම පුවත්පතට අවධාරණය කර තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මරණ 06ක් සමග මෙතෙක් වැඩිම කොවිඩ් ආසාදිතයන් අද වාර්තා වෙයි…. 1451 යි…

Next Post

කොරෝනා නීති කඩකරන්නන් සෙවීමට කිළිනොච්චියට සී.සී.ටී.වී පද්ධතියක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.