මරණ 06ක් සමග දිනකට වාර්තාවන වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණන අද දිවයිනෙන් වාර්තා වුනේය. අද වර්තා වූ කොවිඩ් ආසාදිතයන් ගණන 1451කි. කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් ගණන ලක්ෂය ඉක්මන්නට ආසන්නය. දැන් කොවිඩ් ආසාදිතයන්ගේ නිල සංඛ්‍යාව 99245කි.
අද වාර්තා වූ ආසාදිතයන් 1451 තුළ බන්ධනාගාර රැඳවියන් 32ක් වෙති.
මේ අතර වාර්තා වූ මරණ කොවිඩ් ආසාදිත මරණ 06ත් සමග දිවයිනෙන් වාර්තා වූ සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 661කි.
අද පල්ලේගම 56 හැවිරිදි පුද්ගලයෙක්, වීරපොකුණ 45 හැවිරිදි කාන්තාවක්, හාලිඇල 72 හැවිරිදි පුද්ගලයෙක්, මාවනැල්ල 65 හැවිරිදි කාන්තාවක්, නිට්ටඹුව 66 හැවිරිදි පිරිමි පුද්ගලයක්, වත්තල 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මේසේ මියගොස් තිබණහ.
මේ පිළිබඳ රජය නිකුත් කළ සියලු වාර්තා පහත දැක්වේ.