මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව වැලිකන්ද රුවන්පිටිය වැවෙන් රේල් පාරට පැමිණ අවුව තපිමින් සිටි අඩි දහයක් පමණ දිග කිඹුලෙකු අද (05 ) පෙරවරුවේ වැලිකන්ද වනජීවි නිලධාරීන් විසින් අල්ලා රුවන්පිටිය වැවට නිදහස් කිරීමට කටයුතු කළේය.
අඩි දහයක් පමණ දිගති මෙම කිඹුලා පොළොන්නරුව මඩකලපුව දුම්රිය මාර්ගයේ රුවන්පිටිය ප්‍රදේශයට පැමිණ සිටි ඇති අතර ප්‍රදේශවාසීන් ඒ පිළිබඳ දැක වැලිකන්ද වනජීවී නිලධාරීන් දැනුවත් කොට තිබේ.
අනතුරුව වැලිකන්ද වනජීවි නිලධාරි කණ්ඩායමක් පැමිණ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් පැයක පමණ උත්සාහයකින් අනතුරුව කිඹුලා අල්ලාගෙන තිබිණි.







