ශ්‍රියානි විජේසිංහ –
ලබන 29 වන සදුදා පැවැත්වෙන් අපොස සාපෙල විභාගයට පෙනී සිටින දරුවෙකුට පැය 48ක් යන තෙක් උණ පවතින්නේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ක්‍රියාත්මක වන්නැයි ඩෙංගු මර්ධන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලිමක් කරයි.
මේ දිනවල ඩෙංගු රෝගය රටපුරා වේගයනේ ව්‍යාප්ත වන බැවින් දින දෙකක් පුරා උණ පවතින දරුවන්ට පැරසිටමෝල් ලබා දී විභාග ශාලාවට එවීමට කිසිවිටකත් කටයුතු නොකරන්නැයිද වෛද්‍යවරයා දෙමාපියන්ට දැනුම් දී සිටියි.
විභාග මධ්‍යස්ථානයන් වෙත දරුවන් පැමිණෙන විට නිරාවරණය වී ඇති ප්‍රදේශයන්හී මදුරු විකර්ෂණ ආලේපනයක් ගල්වා එවන්නැයිද වෛද්‍ය කොඩිතුවක්කු දෙමාපියන්ට දැනුම් දී සිටියි.
මේ වන විටත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ප්‍රදේශවාසීන් සහ විභාගයට පෙනී සිටින දරුවන්ගේ දෙමාපියන් එක්ව සියලුම විභාග මධ්‍යස්ථාන අවට ඩෙංගු මර්ධන වැඩ සටහන් ආරම්භ කර ඇතැයිද හෙතෙම පැවසුවේය.







