අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාමයේ පළමු මොහොත ගිලිහී යයි ද?…

“කතා කරමු... බෙලරුස්වල නොවෙයි “- යුක්රේනය. “ ආවෙ නැතිනම් ලේ වැගිරීම්වල වගකීම භාර ගන්න“ - රුසියාව.

by editor
පෙබරවාරි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බෙලාරුසියානු නගරයක් වන ගොමෙල් හි සාකච්ඡා සඳහා රැස්වන්නේද යන්න තීරණය කිරීමට යුක්රේන නිලධාරීන්ට ඉරිදා පස්වරු 3 දක්වා කාලය ලබා දෙන බව  රුසියාව  දැන්වූයේය.

රුසියානු නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා සහ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සහායකයා වන ව්ලැඩිමීර් මෙඩින්ස්කි රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන රිආ නොවොස්ටි ( RIA Novosti ) වෙත පැවසුවේ ඔවුන් වෙන් කරන ලද කාලය තුළ ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන්  රැඳී සිටින  බවය.

“මෙම තහවුරු කිරීම ලැබුණු විගස, සාකච්ඡා මේසයේ දී අපගේ සගයන් හමුවීමට අපි වහාම පිටත් වෙමු” යනුවෙන් ව්ලැඩිමීර් මෙඩින්ස්කි පැවසීය.

ඔහු කීවේ මෙසේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අපි සාමය වෙනුවෙන් පෙනී සිටිමු.”

කෙසේ වෙතත්, යුක්රේන ජනාධිපති  වොලොඩමීර් සෙලෙන්ස්කි  අද (27)   රුසියාව සමඟ සාකච්ඡා කිරීමට කැමති බව ප්‍රකාශ කළ නමුත් බෙලරුසියාවේ රැස්වීම  සඳහා වූ ඔවුන්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කළේය.

ජනාධිපති  වොලොදමීර් සිලෙන්ස්කි  කියන්නේ මෙසේය.

“යුක්රේනය සාම සාකච්ඡා සඳහා සූදානම්… නමුත් මොස්කව් හි වඩාත් කැමති ස්ථානය වන බෙලරුසියාවේ නොවයි.“ තමා බෙලාරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සමඟ  කෙටි කතා බහක යෙදුන බව ද ජනපති පවසා තිබිණි

බෙලරුස් රුසියාවේ මිත්‍ර රාජ්‍යයක් වන අතර රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේදී ප්‍රධාන භූමිකාවක් ඉටු කළේ බෙලරූස්ය.

යුක්රේන නිලධාරීන්ට අනුව බෙලරුස් රජයේ සහාය ඇතිව රුසියානු හමුදා බෙලරුස් දේශසීමාව හරහා යුක්රේන ආක්‍රමණය කර තිබිණි.  බිඩෙන් පරිපාලනය   ආක්‍රමණයට සහාය දීම  අනුමත  කළේය.

සෙලෙන්ස්කි ඉරිදා දේශනයකදී කෙලින්ම බෙලරුස්  පාලනය  ඇමතීය.  බෙලාරුසියානු භූමිය හරහා සිදුවන  “ආක්‍රමණශීලී ක්‍රියා” යන්නෙන් අදහස් වන්නේ රට තුළ ඇති යුද්ධය ගැන සාකච්ඡා පැවැත්විය නොහැකි බව යැයි ඔහු කීවේය. යුක්රේනය පැවසුවේ බෙලරුසියානු භූමියේ සිට කියෙව් දෙසට දියත් කළ කෲස් මිසයිලයක් තමන් විසින් අක්‍රීය කළ බවය.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ සෙලෙන්ස්කි “රුසියානු ආක්‍රමණයේ ප්‍රධාන ඉලක්කයක්” ලෙස පවතින බවය. සෙලෙන්ස්කි විසින්ම පැවසුවේ “සතුරා මා ඉලක්ක අංක 1 ලෙස සලකුණු කර ඇති“ බවය..

මේ අතර පූටින් වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරන    ව්ලැඩිමීර් මෙඩින්ස්කි ලෝකයට කීවේ  “සාකච්ඡා ප්‍රතික්ෂේප කළහොත්, ලේ වැගිරීමේ සියලු වගකීම යුක්‍රේන පාර්ශ්වය විසින් දරනු ඇති,” බවය.    “නමුත් අපි යුක්‍රේන පාර්ශ්වයෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් 15:00 දක්වා මෙහි සිටිමු.” ඔහු වැඩිදුරටත් කීවේය.

බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ඉරිදා පැවසුවේ යුක්රේනයට රුසියාව සමඟ සාකච්ඡා සඳහා   බෙලරුසියාව විසින් සත්කාරකත්වය දරනු  ඇති බවත් එතෙක් තමා “බලා සිටින” බවත්යි.

බෙලරුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන බෙල්ටාට අනුව ඉරිදා මින්ස්ක් හි පැවති ව්‍යවස්ථාපිත ජනමත විචාරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු ලුකෂෙන්කෝ වාර්තාකරුවන්ට මෙසේ කීවේය.

“අපි බලා සිටිමු. හැමෝම ගොමෙල්හි බලා සිටිමු. ඔවුන් පැමිණියහොත් සාකච්ඡා පැවැත්වෙනු ඇත.“ යනුවෙනි.

යුක්‍රේන නියෝජිතයන් සමඟ   සාකච්ඡා සඳහා රුසියානු දූත පිරිසක් දැනටමත් බෙලරුසියාවට පැමිණ ඇති බව ක්‍රිම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් වාර්තාකරුවන්ට  පැවසූ බව රිආ නොවොස්ටි   (RIA Novosti )  ඉරිදා වාර්තා කළේය.

මේ වනවිට යුක්රෙනයේ දෙවැනි  ප්‍රධාන නගරයවන  කාර්කිව්හි   සටන් ආරම්භ වී ඇත. ඒ යුක්රේනියානුවන් මුදාහල ඉතා දැඩි ප්‍රතිරෝධයක් සමගිනි.  රුසියානු සැපයුම් මාර්ග ‘නිශ්චිත අවදානමක‘ ඇති   බව එක්සත් ජනපදය පවසයි.

රුසියානු හමුදා සමඟ වීදි සටන් කිරීමෙන් පසු රටේ දෙවන විශාලතම නගරය වන කාර්කිව්හි පූර්ණ පාලනය යුක්රේන හමුදා සතු බව ප්‍රාදේශීය ආණ්ඩුකාර  ඔලෙ  සිනෙගුබොව් (Oleh Sinegubov)  කී බව අල් ජසීරා වාරතා කළේය. කියෙව් නගරාධිපති පවසන්නේ අගනුවර තුළ රුසියානු සොල්දාදුවන් නොමැති බවය.  නගරයේ ආරක්ෂාව ස්ථිරව පවතින බවය.

මේ අතර  යුක්රේනය රුසියාව ‘යුද අපරාධ’ කළ බවට චෝදනා ප්‍රකාශයට පත්  කළේය.

යුක්රේන ජනාධිපති වොලොදමීර් සෙලෙන්ස්කි  කියෙව් අගනුවරෙන් ඉවත් කර ගැනීම සඳහා එක්සත් ජනපදය විසින් කර ඇති යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බව බ්‍රිතාන්‍යයේ යුක්රේන තානාපති කාර්යාලය සෙනසුරාදා ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ වාර්තා අනුව යුද්ධයේ සිව් වන දිනය වනවිට යුක්රේනයේ  යුද අනාථයින් ගණන තුන් ලක්ෂ අසූදහස ඉක්මවා තිබේ. ලොව පුරා රුසියාවට එරෙහි විරෝධතා ඇවිලෙමින් තිබේ.

( සීඑන්එන් සහ අල් ජසීරා )

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉම්රාන්ගේ ජනප්‍රියත්වය පහළට

Next Post

ඉන්දියාට ලකුණු 146ක ඉලක්කයක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.