පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ ජනප්‍රියත්වයේ කැපී පෙනන පසුබැස්මක් පවතින බව එරට නායකයන් සිව්දෙනෙකුගේ ජනප්‍රියත්වය මැන බැලීම සදහා පැවති සමීක්ෂණයක දී හෙළිවී ඇත.
එහිදී හෙළිවී ඇත්තේ ප්‍රදේශ තුනකදී පාකිස්තාන මුස්ලිම් ලීගයේ නවාස් නායක නවාස් ෂරීෆ් එරට අගමැති ඉම්රාන් ඛාන්ටත් වඩා ජනප්‍රියත්වය අතින් ඉදිරියෙන් සිටින බවයි.
නවාස් ෂරීෆ් පන්ජාබ්හි සියයට 58 ක ජනප්‍රියභාවයක් හිමිකර ගනිද්දී එහි ඉම්රාන් ඛාන්ගේ ජනප්‍රියත්වය සටහන්ව ඇත්තේ සියයට 33 ක් වශයෙනි.
සින්ද් සහ කයිබර්පක්තුක්වා යන ප්‍රදේශවලද ඉම්රාන් ඛාන්ගේ ජනප්‍රියත්වය කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බව මෙම සමීක්ෂණයේ දී අනාවරණය වී ඇත.
රටපුරා පුද්ගලයින් 5000කගේ අදහස් ලබා ගනිමින් දෙසැම්බර් 22 සිට ජනවාරි 31 දක්වා මෙම මත විමසුම පැවැත්වීමට කටයුතු කර තිබිණ.
එහිදී පකිස්ථාන මුස්ලිම් ලීගයේ නායක නවාස් ෂරීෆ්, අගමැති ඉම්රාන් ඛාන්, පකිස්ථාන මුස්ලිම් ලීගයේ සභාපති ෂෙහ්බාස් ෂරීෆ් සහ පාකිස්තාන ජනතා පක්ෂයේ සභාපති බිලාවල් බූතෝ සර්ධාරි යන අයගේ ජනප්‍රියත්වය මැන බැලීමට පියවර ගෙන තිබූ බව පැවසේ.