සෙනසුරාදා, ජූනි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ස්තුතියි අසීමිත මනුස්සකමට…“ වසරකට පෙර රාවණා ඇල්ලෙන් ඇදවැටුණු ඊශ්‍රයාල් තරුණිය සුවය ලබා යළි ලංකාවට පැමිණ කී කතාව…

by editor
ඔක්තෝබර් 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඒ සිද්ධිය ඔබට අමතක නැතිව ඇතැයි සිතමු.  රාවණා ඇල්ලෙන් පහළට ඇද වැටුණු ඊශ්‍රායාල ජාතික තරුණියගේ කතාව…  මරණයෙන් කෙළවර වන්නට අතිශය ඉහළ සම්භාවිතාවක් තිබුණු ඒ බිහිසුණු පුවත ගිය අවුරුද්දේ මේ වකවානුවේ දී සමාජ මාධ්‍යය උණුසුම් කළේය. ඇය ඒඩ්න් සිරී ය. 

ඒ මාරක අනතුරින් දිවි බේරාගෙන  වසරකට පසු ඇය යළි ලංකාවට පැමිණ  සිටියාය.   2021 වසරේ සැප්තැම්බර් 15 වැනි දින රාවණා ඇල්ලෙන් ඇදවැටී බරපතළ තුවාල ලබා බදුල්ල රෝහලේ දී සැත්කමකට ලක්ව දිවි බේරා ගත් ඒඩ්න් ලංකාවට එන්නේ ඒ අවස්ථාවේ තමා වටා සිටි ලංකාවේ අසීමිත මිනිස්සුන් ස්තුති කර යන්නටය.

රාවණා ඇල්ල
රාවණා ඇල්ල

ඒඩ්න් ඒ  බිහිසුනු  ඒ අතීත මොහොත  සිහිකළාය.

.“2021 වසරේ කොවිඩ් වසංගතය උපරිම ලෙස පැතිරිලා ගිහින් තිබුණා. ශ්‍රී ලංකාවට සංචාරකයින් එන්නේ නැති තරම් … ඒත් අපි අගෝස්තු මාසය අවසානයේ දොළොස් දෙනෙක් ගෙන් යුත් කණ්ඩායමක් ලංකාවට ආවා. අපිට ලංකාව පුරා ඇවිදින්න ලොකු වුවමනාවක් තිබුණා .අපි හරි කැමතියි සොබාදහම විඳින්න. අපි හරියට ගහ කොළ සතා සිව්පාවා එක්ක ජීවත් වෙන්න ආසයි.

මේ  ආදරය එක්ක  අපි බදුල්ලට ආවා රාවණා ඇල්ල බලන්න. රාවණා ඇල්ල බලලා එතැන එහෙ මෙහේ ඇවිදිනකොට තමයි මේ අනතුර සිද්ධ වුණේ.. රාවණා ඇල්ල බලන්න ගිය හැටිත් ඇල්ල දුටු හැටි මට මතකයි ලිස්සලා වැටුණට පස්සේ කිසි දෙයක් මතක නැහැ හුඟක් දෙනෙක් හිතිල තියෙන්නේ මම ආයෙ ජීවත් වෙන්නේ නැති වෙයි කියලා…”

RelatedPosts

KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

ශෂී වීරවංශගේ අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: වසර දෙකක සිරදඬුවම ස්ථීරයි!

ඇමෙරිකානු ප්‍රහාරයෙන් ඉරානයේ 20,000කට ජලය අහිමි වෙයි: යුද අපරාධ චෝදනා එල්ල වීමේ අවදානමක්! ‘ද නිව්යෝක් ටයිම්ස්’ විශේෂ විමර්ශනයක් මෙන්න

ඒඩන් ඇල්ල අසල ගල් මත ඇවිදිමින් සිටියදී ගලක් මතින් ලිස්සා අඩි දහයකට වැඩි උසකින් පහළට ඇද වැටී තිබිණි. ඇය ඇදවැටීමෙන් පසු හිසේ අභ්‍යන්තර රුධිර වහනයක් සමග ප්‍රතිකාර සඳහා අවසානයේ  බදුල්ල රෝහලට යොමු කොට තිබිණි. ඒ රෝහල් ගණනාවකින් මාරු කිරීමෙන් අනතුරුවය.

ඇය වහාම ප්‍රතිකාර සඳහා  යොමු කරන්නට මැදිිහත් වන්නේ  ඒඩ්න් නතර වී සිටි හෝටලයේ කළමණාකාර ගැමුණු පෙරේරාය.   ඔහු ඒ සිද්ධිය සිහි කළේය.

”අපේ හෝටලයේ නතර වී සිටි කණ්ඩායමෙන් කෙනෙක් රාවණා ඇල්ලෙන් ඇද වැටී බවට පණිවිඩය ලද සැනින් මම සුවසැරිය ගිලන් රථයක් හෙවුවා . ඒ කාලේ කොවිඩ් නිසා ගිලන්රථ හොයාගන්න තිබුණේ නැහැ නමුත් මගේ වාසනාවකට කුඹල්වෙල හන්දිය ගිලන් රථයක් නතර කර තිබුණු බවට පණිවිඩයක් ආවා. එම ගිලන් රථයෙන් ඇයව වැල්ලවාය රෝහලට ගෙන ගියා.“

බරපතළ තුවාල තිබුණු නිසා ඇය සිහිසුන් වි සිටි නිසාත් වැල්ලවාය රෝහලේ සිට ඇයව නැවත මොණරාගල රෝහල වෙත ගෙන යන්න ට සිදුවුණා. මොනරාගලින් නැවත බදුල්ල රෝහලට රැගෙන ගොස් එහිදී සැත්කම් සදහා යොමු කරන්නට වෛද්‍යවරු කටයුතු කළා. ඒ අතරතුර අපි මැදිහත්ව ඒඩ්න්ගෙ  දෙමව්පියන්ට මේ බව දැනුම් දෙන්න කටයුතු කළා. ඔවුන් විගස ලංකාවට පැමිණියා. ..”

වෛද්‍ය ලක්මාල් හේවගේ
වෛද්‍ය ලක්මාල් හේවගේ

බදුල්ල රෝහලේ දී ඒඩ්න් සිරි ගේ ජීවිතයේ අවදානම වගකීමක් ලෙස ගත්තේ වෛද්‍ය ලක්මාල් හේවගේ ය.  ඔහු කඩිනමින් ඇය ශල්‍යකර්ම සදහා යොමුකර අභ්‍යන්තර රුධිර වහනය නතර කිරීමටත් ලේ කැටිති ඇති තැන් යථා තත්ත්වයට පත් කිරීමටත් කටයුතු කොට තිබිණි..

”. ඒඩ්න් ගෙ ශල්‍යකර්මය අවසන් වුණාට පස්සේ මම ඊශ්‍රායල් වෛද්‍යවරයෙක්ට කතා කළා.. ඇයගේ තත්ත්වය පැහැදිලි කළා. මොකද  ඇය ඊශ්‍රාලයට අයිති තරුණියක්. මට වුවමනා කළේ ඇය ජීවත් කරන්න.“

“ඒ කාලේ කොවිඩ් අවදානම සහිතයි . හදිසි ප්‍රතිකාර ඒකකයේ පවා හිටියේ කොවිඩ් රෝගීන්..
ශල්‍යකර්මයෙන් පසුව ඇය සුව අතට පත් වෙන බව මට දැණුනා. ඒ වන විට ඇයගේ දෙමව්පියන් ඇයව බලන්න ආවා. අනතුරුව ඇයව හෙලිකොප්ටරයකින් කොළඹ ආසිරි රෝහලට රැගෙන ගියා.“

යම් තරමකට සුවයක් ලද පසු ඇය සිය මව් රට බලා ගෙන යනු ලැබුවාය. දැන් ඒඩන්ට සම්පූර්ණයෙන් සුවය. ඒ කෘතවේදී තරුණිය ඒ සිදුවීමට වසරක් පිරෙන මොහොතේ සිය පෙම්වතා සමග ලංකාවට පැමිණ තිබුණාය. මේ වසරේ සැප්තැම්බර් 15 ඇය ලංකාවට  පැමිණියේ ජීවිතය අත්හැරුණු මොහොතක ඇයට උපකාර කළ සියලු දෙනා දකින්නටය. ඔවුන්ට තෑගි බෝගත් ඇය ගෙනැවිත් තිබුණාය.

ඇය අනතුර සිදු වූ තැනට ගියාය. ජීවිතය අත්හැරුණු මොහොතේ යළි එය ගැටගසා දෙන්නට මැදිහත් වූ සියලු දෙනා හමුවෙමින් කතා කළාය. වෛද්‍යවරුන් මුණ ගැසුණාය.

ස්තුතියි ලංකාවෙ උතුම් මිනිස්සුන්ට. ඒඩ්න් කියන්නෙ එසේය.

මේ මෙහොතේත් ඇය ලංකාවේ රැඳී සිටින්නීය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහනුවර රෝහලේ හෘද සැත්කම් නවතින ලකුණු… පොරොත්තු ලේඛනගත රෝගීන් දහසක් මරණය අභියස….

Next Post

ශ්‍රි ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාවලිය අද ! ජය ගත නොහැකි  බව විදේශ ඇමතිම කියයි!

Related Posts

Hiphop-Sangee
පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
පුවත්

බාල වයස්කාර දැරිය දූෂණ චෝදනාවට පල්ලේගම හේමරතන DNA පරීක්ෂාවකට…

ජූනි 12, 2026
Air-Canada
පුවත්

අප්පගේ පොරක්…  වසර 17ක් පුරා හොර ලයිෂන් පිට  මගී ගුවන් යානා පැදවූ එයාර් කැනඩා නියමුවෙක් අත් අඩංගුවට..

ජූනි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Hiphop-Sangee

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
America

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

ජූනි 13, 2026
homuz

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
ADVERTISEMENT
  • Niroshan_ D

    මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…
  • FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’
  • නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.