බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සහශ්‍ර ගණනක ඉතිහාසයක් ලියැවුන පන්සලක් ජාතියක් දවා අළු කළ හැකි ගිනි ගොඩක් කරන්න හදන ජාතිවාදී කුපාඩිකම…

by editor
මැයි 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

ඉතිහාසය ප්‍රලාපයක් නොවේ. එය විද්‍යාවක් ලෙස විශ්ව ප්‍රාප්ත සාධනයන් සහිත පුරාවිද්‍යාවෙන් සනාථවන යථාර්ථයකි. අලංකාර කරන ලද සාහිත්‍ය පෙළ පහසුවෙන් ඉවත් කළ පසු මතුවන යටිපෙළෙහි සාධනීය බව තහවුරු කළ පුරාවිද්‍යාත්මක තහවුරුවක් මත මහාවංශය පිහිටන්නේය. එම කෘතිය ලෝක සම්භාව්‍ය ලේඛනයක් වන්නේ ඒ තහවුරුව සමගිනි.

ඒ අනුව සහශ්‍ර දෙකකට පෙර අතීතය නිශ්චිත කරන විද්‍යාත්මක සාධක මත පිහිටන ඉතිහාසය පිළිගැනීම ශිෂ්ඨාචාරවත් මනුෂ්‍ය පරම්පරාවක් පිළිබඳ සහතිකයකි. එය ඉතාම පටු දේශපාලන අර්ථයෙන් ව්‍යසනයට ලක් කිරීම පුරාවිද්‍යා පනතින් බල ගැන්වූ රටේ නීතිය අවලමේ යැවීමකි. යම් පාලකයෙක් ඒ නීතිය ස්වකීය දේශපාලන වාසිය මත නොතකන්නේ නම් යම් කණ්ඩායමක් එම නීතිය දැනුම්වත් භාවයක් සහිතව ව්‍යසනයට ලක් කරන්නේ නම් එය නින්දාකටයුතු අපරාධයකි.

ජාතියක් ලෙස එක් මිටකට එක්ව ජාති ආගම් භේද නොතකා රොක් වීමත්, එම එක්වීම ව්‍යසනයට ලක් කිරීම සඳහා රටේ නීතිය අවලමේ යැවීම සහ ඊට ඉඩදීමත් යනු අන්ත දෙකක රූපණයන්ය. තිස්ස විහාරය ගැන මේ මෙහොතේ කතා කරන්නේ ඒ පදනමිනි.

කන්කසන්තුරේ තිස්ස විහාරය යනු ජාතිවාදීන් ඉතාම නින්දිත ස්වකීය විතැන්වන බලය කේන්ද්‍ර කරගැනීමට යොදා ගන්නා මාතෘකාවකි. එය මුල් කරගෙන දියත් වූ දේශපාලන හැසිරීම සාමාන්‍ය ද්‍රවිඩ ජනතාවගේ ප්‍රකාශනය නොවුන ද එම විකල් ජාතිවාදය අරභයා නීතිය ක්‍රියාත්මක කිරීමට තරම් පෞරුෂයක් රටේ දේශපාලනයට තිබුණේ නැත. මෑත ඉතිහාසය පුරාම උතුරේ ජතිවාදයේ ම්ලේච්ඡ හැසිරීම දකුනේ ජාතිවාදීන්ගේ හැඟීම්වලට ආමන්ත්‍රණය කිරීම සඳහා යොදා ගත්තේ තිස්ස විහාරය ය. මේ වෙසක් පොහොය දිනයෙත් සිදුවුයේ එයය. මේ රූප රාමු බලන්න.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

තිස්ස විහාරය යනු කුමක් ද?. අප මේ ඉතිහාසයට ඇහුම්කන් දිය යුතුය.

ඓතිහාසික තිස්ස විහාරය දෙවන පෑතිස් රජ දවස දක්වා දිවෙන ඓතිහාසික පුදබිමකි.  එම භූමිය සම්බන්ධව මහාවංශයේ සහ සිංහල බෝධි වංශයේ සටහන්වන ලේඛන අනුරාධපුර යුගය මුල් කාර්තුවේ බිහිවන නටබුන් සහිත පුරාවිද්‍යා සාධක මගින් තහවුරු වී තිබේ.

වත්මන් තිස්ස විහාරය පිළිබඳව ඇති මහාවංස සටහන මසේය.

“දසවක් දවස්හි මහා බෝධිය යහපත් වූ රථයෙන් වඩම්මාගෙන එන්නේ පැදුම් දෙස විහා ස්ථානයෛහි තැබ්බවූයේය. ඒ නරේන්ද්‍ර තෙම සංඝය යාට හ නයාට පෙරවරු බත පැවැත්වූයේය.
( මහාවංශය – 19 වැනි පරිච්චේදය 32-33 ගාථා).”

මහාවංශය ලියැවෙන්නේ 5වැනි සියවසේ දී ය. එවකට පැවති ජනශ්‍රැතිය පරම්පරාගත තොරතුරු මෙන්ම ඓතිහාසික ලේඛන ද මහාවංශ ලේඛනගත කිරීමේ දී මහානාම හිමියන් විසින් භාවිතා කර තිබිනි.

සිංහල බෝධි වංශය ලියැවෙන්නේ ඊට සියවස් 7කට පසු එනම් ක්‍රිස්තු වර්ෂ 1293 -1347 කාලයේ දී කුරුණෑගල යුගයේ දී ය. එහි දී මහාවංශ ප්‍රවෘත්තිය වාර්තා වන්නේ මෙසේය.

ඉක්බිත්තෙන් සරහා පිළියෙල කරන ලද රථයක් මත්තේ තබා මහත් වු පූජා සත්කාර කෙරෙමින් නැගෙනහිර තිස්ස විහාරය පිහිටන්නා වූ ස්ථානයයට ගෙනවුත්, සංඝයා වහන්සේ පෙරවරු වළඳවා මිහිඳු මහ තෙරුන් වහන්සේ විසින් වදාරන ලද ඒ සතානයෙහි සර්වඥයන් වහන්සේ විසින් කළා වූ නයින්ගේ දමනය අසා බුදුන් වැඩහිඳිම් ආදියෙන් ප්‍රයෝජන ලැබූ ස්ථානයක්හි දාගැබ ආදියෙන් සත්කා කෙරෙමියි සලකුණු කරවා එතැනින් ගෙනවුත් තිවක්ක බ්‍රාහ්මණයාගේ ගම් දොර තබා පූජා කොට…. ලෙසිනි. (සිංහල බෝධි වංශය, දුමින්දාගමන කතා)

ඓතිහාසිකව තේරුම් ගත යුත්තේ මහාවංශයේ සඳහන් පැදුම් දෙස විහාරය මීට සියවස් 8ටකට පෙර සිටවත් තිස්ස විහාරය ලෙස නම් වී පැවතුන බවය. බෞද්ධ ආරාමවල පැවැත්මේ විශේෂත්වය වන්නේ කුමණ විසල් ආක්‍රමණයකදීවත් එම ආරාම සංකීර්ණ සපුරා ව්‍යසනයට ලක් නොවීමය. දැන් ජාතිවාදී තර්ජනයට ලක් වී ඇති කුරුන්දි අට්ඨකතා ලියැවුන මුලතිව් කුරුන්දි විහාරය ඊට දෙස් දෙන පුරාවිද්‍යාත්මක සාධකයකි.

ඉතිහාසයේ බිහිසුණුම ආක්‍රමණිකයාවන කාංලිංග මාඝ පොලොන්නරුව්ව රාජධානියේ රන්කොහොත් වෙහෙර කුඩු කර දමා ගල්විහාරයේ පිළිම පුපුරුවා හැර ථූපාරාමය සමතලා කර තිවංක පිළිමගෙය් බිම සීසෑවේ නැත. ඔහුගේ අනුග්‍රහය යටතේ හින්දු දේවස්ථාන පුදබිම තුළ ඉදිවූයේ සංස්කෘතියක් සංස්කෘතියකට ගරු කිරීමේ ශිෂ්ඨත්වය ඓතිහාසිකව තහවුරු කරමිනි. අප දන්නා තරමින් තිස් වසරක යුද්ධය තුළ හෝ ඓතිහාසික උරුමය සහිත පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන්නට එල්ටීටීය වත් උත්සාහ කළේ නැත. උතුරු නැගෙනහිර පුරාවස්තු විනාශ වුනා නම් ඒ යුද්ධයෙන් පසු උතුර ඩැහැගන්නට ගිය කාලක්ණින් විසිනි.

ඒ පරිසරය තුළ තිස්ස විහාර භූමිය කන්කසන්තුරේ දී තිස්ස විහාරය ලෙසම පැවතිනි. දැනට ඇති ලේඛන අනුව මේ භූමියේ වර්ෂ 1956 දක්වා පන්සලක් පැවතී ඇත. අපට එපිට පරම්පරාව මේ කතාව දෑසින් දැක තහවුරු කරගත් මිනිසුන්ය. මේ ඓතිහාසික පැවැත්ම සාධනය කරන ක්‍රිස්තු පූර්ව යුගයේ සිට විකාශනය වන ආරාමික නටබුන් මේ ප්‍රමාණයක් විසිරී ඇති අයුරු අදත් දැක ගත හැකිය.ත

1956 “ශ්‍රී කෝලාහලයේ දී ” හිමිවරු පන්සල අත්හැර තාවකාලිකව දකුණට වැඩියහ. එහෙත් වර්ෂ 1971 දී මනින ලද සිතියම් ප්‍රකාරව අක්කර 10කට ආසන්න භූමියක් මෙම පන්සල වෙනුවෙන් වෙන් වී තිබිණි. එම සිතියම්වල පන්සල ලකුණු වී තිබිණි. එහි හිමිවරු වැඩ වසූහ.   යළි මේ පන්සල අත්හැරෙන්නේ වර්ෂ 1987 දී ය. ඒ වනතුරු මේ භූමියේ පෞරාණික පන්සලක් ඇති ආකාරය සිතියම්වල සලකුණු වී තිබිණි. 1987 යනු අප දන්නා අප අත පත ගෑ අපේ ජීවිත සම්බන්ධවත්  තීරණාත්මකවුන කාල පරිච්ඡේදයකි. මේ ඉඩම්වල හිමිකාරිත්වය සම්බන්ධ මේ වනවිට පැන නැගී ඇති ඔප්පු පිළිබඳ කතාව ඇති වන්නේ වර්ස 1987ටත් පසුවය.

මේ දත්ත හා සාක්ෂි මත පදනම් කරගෙන මේ භූමියේ යළි පන්සල පිහිටුවන්නේ වර්ෂ 2019 දී ය. මෙය ජාතිවාදී ආරවුලක් ලෙස ගොඩනැගීමේ පදනම දෙමළ ජාතිවාදීන් විසින් ලබා ගන්නේ රනිල් වික්‍රමසිංහගේ ආදරණීයයා වන සාගල රත්නායක විසින් පසුබිම් නොදැන ලබා දෙන කාලකණ්ණි සහයෝගයත් සමග බව ලියා තැබිය යුතුය.

මේ වනවිට සංහිඳියාවෙන් පෙළ ගැසෙන ජාතියක ආත්මයට දෙමළ ජාතිවාදය විසින් යළි ගිනි තබන්නට හදන ආකාරය පමණක් මේ රූප රාමුවලින් ප්‍රකට වන ආකාරය ගැන ඔබට කියමු. වෙසක් පොහොය දා තිස්ස විහාරයට යන බෞද්ධයින් පිරිසකට එරෙහිව නීතිය අතට ගෙන පාතාලයෙක් සේ හැසිරෙන්නේ නීතිඥයෙක් වීම, පොලිසිය වෙත සිවිල් පුද්ගලයෙකුට එහා ගොස් ඔහු විසින් මුදාහරින මැරකම, උසාවි තීන්දු නොසලකා ඔහු හැසිරෙන ආකාරය, මේ තරම් කුපාඩි කමක් කරන අතරේත් පොලිසිය ප්‍රකට කරන සංයමය පිළිබඳ විශාල කතාවක් මේ රූප රාමු අතර තිබේ.

එමෙන්ම මේ ගමන ගැටුමක් උදෙසාම සංවිධානය කළ බවක් පෙනෙන සිංහල ජාතිවාදය අවුලුවන රොඩු බොඩු ටිකක් පිළබඳ හැඟීමක් මේ රූප රාමු අතර ඇති පසුබිම් කතාවලින් වටහා ගන්නා ලෙසත් අපි මේ සටහන කියවන්නන්ගෙන් ඉල්ලා සිටිමු.

බංකොලොත් වී ඇති උතුරේ සහ දකුණේ දේශපාලන කුපාඩින්ට අවශ්‍ය දේ පන්සල් භූමියකින් පටන් ගත හැකිය. ඒ අවදානම මග හරවා ගැනීමට ඇති එකම දේ රටේ නීතිය නීතිය ලෙස ක්‍රියාත්මක කිරීමය. තිස්ස විහාරය පිළිබඳ ඉතිහාසය ලියා තැබුවේ පුරාවිද්‍යා ආඥා පනතින් ආවරණයවන නීතිය ගැන රටට හිතන්නටය.

නීතිය සියල්ලන්ටම උඩින් විය යුතුය. මේ ආණ්ඩුව පත් කරගන්නේ ඒ සඳහාය. අප බොහෝ දෙනෙකුගේ පරමාර්ථය වූයේ වෙන කිසිම දෙයක් නොව එපමණය. රටේ මිනිස්සු මේ ආණ්ඩුවට කුණුහරපෙන් බැන්නේ එසේ නොමැති අවස්ථාවන් සම්බන්ධව සැක සංකා උපදින විටය.

සහශ්‍ර දෙකක් පැරණි පුදබිමක් ශාන්තිය දවනවන නිකේතනයක් වනු විනා රටක් ව්‍යසනයට පත් කරන ගිනි ගොඩක් අවුලුවන උඳුනක් නොවිය යුතු බව පමණක් ලියා තබන්නේ අවසාන වශයෙනුත් රටේ නීතිය පිළිබඳ දැල්වෙන බලාපොරොත්තුවෙනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දින 08ක් ප්‍රමාද වී නැවත ඇරඹෙන IPL අර්බුදයෙන් අර්බුදයට…

Next Post

කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ පහසුකම් නැංවීම සහ පවිත්‍රකරණයට “ක්ලීන් ශ්‍රී ලංකා” අත්වැල් බැඳ ගනී!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.