සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සහල් මිල කෘතිමව නග්ගන්න ව්‍යාපාරිකයින් කීප දෙනෙක් එක්ව ගැසූ ගේම ජනපති හමු වී පැමිණි ඩඩ්ලි හෙළි කරයි!

by editor
ඔක්තෝබර් 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට ගොවීන් අතර වී නොමැති බවත් වී ඇත්තේ මෝල් හිමියන් අත බවත් ඒ තත්ත්වය තුළ ජනාධිපතිවරයා සහල් පාලන මිල සම්බන්ධව තදින්ම ක්‍රියා කිරීමට අද ගත් තීන්දුව ඉතාම යහපත් එකක් බවත් රටේ ප්‍රධාන සහල් මෝල් හිමිකරුවෙක් සහ ව්‍යාපාරිකයෙක් වූ ඩඩ්ලි සිරිසේන පැවසුවේය.

අද සහල් මෝල් හිමියන් සමග ජනාධිපතිවරයා පැවත්වූ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවමින්   ඩඩ්ලි සිරිසේන පැවසුවේ මේ සහල් මිල ඉහළ යන්නට හේතුව වූයේ තමන්ද හොඳින්ම දන්නා ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් කීප දෙනෙක් විසින් වෙළෙඳපලට සහල් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නැවැත් වූ නිසා බවය. ඒ සහල් හිඟය දඩමීමා කරගෙන සහල් මිල කෘත්‍රිමව ඉහළ දැමූ ආකාරය ඩඩ්ලි සිරිසේන විසින් හෙළි කළේය.
ඔහු පැවසුවේ මෙවැන්නකි.

ජනාධිපතිතුමා තදින්ම කියා සිටියා සහල් මිලේ කිසිම වෙනසක් ගන්න බෑ. මේ මිලට ලබන කන්නයේ වී අස්වනු නෙලකම් වගකීමක් යුතුකමක් සැලකීමක් වශයෙන් මේ මිලට සහල් දෙන්න කියලා ඉල්ලීමක් කළා. එහෙම නැති වුනොත් අවශ්‍ය තීන්දු තීරණ ගන්නවා කියලත් දැඩි ලෙස එහෙත් බොහොම සුහදව පැවසුවා.

අනිවාර්යයෙන් එය සිදුවිය යුතුයි. මම නම් මේ ඉල්ලීමට මුලදිම කැමති වෙලා හිටියේ. කිසිම ප්‍රශ්නයක් නෑ මේ ඉල්ලීම කරන එක.

මොකද, දැන් සියලුම වී තියෙන්නෙ ගොවීන් අතේ නෙමෙයි. ව්‍යාපාරිකයො අතේ. ඒ නිසා ඒ වගේ පැහැදිලි තීන්දුවක් ගත්තට කමක් නෑ. ඒක ගත යුතුමයි.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මේ වනවිට සහල් මිල වැඩිවී තිබීම සම්බන්ධව ඩඩ්ලි සිරිසේන කළ හෙළිදරව්වෙන් රටේ සිදුවුන දේ ගැන අදහසක් ආවේය.

සහල් පාලන මිලට දෙනවා කියලා මම ප්‍රකාශ කරලා දින කීපයක් යනකම් පාලන මිල ඒ තත්ත්වයෙ පැවතුනා. නමුත් රටේ ප්‍රධානම පෙළේ ව්‍යපාරිකයො කීප දෙනෙක් එකතු වෙලා වෙළෙඳපලට සහල් නිකුත් කිරීම නතර කළා. ඒ නිසා සහල් හිඟ තත්ත්වයක් ඇති වුනා. හිඟ තත්ත්වය නිසා මිල වැඩි කළා. මේ ගැන මම අද ජනාධිපති තුමාව දැනුම්වත් කළා.

මෙය අප අවබෝධ කරගන්න ඕන. වී තියන ප්‍රමාණය එකයි නම් සහල් මිල වැඩි කළා කියලා වැඩියෙන් සහල් එන්නේ නෑ. තියන වී ප්‍රමාණය වැඩි වෙන්නේත් නෑ. ඒ නිසා සහතික මිලක් තියනවා නම් තියන වී ප්‍රමාණය රජයේ සහතික මිලට දෙන්න ඕන. ජනාධිපති තුමා හමුවෙ මමත් අද ඒ ඉල්ලීම කළා.

තමන්ට මිල පාලනය ගැන අදහසක් ප්‍රකාශ කර එය ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක කළ හැකි නමුත් තමන් සපයන්නේ රටේ සහල් නිශ්පාදනයෙන් සියයට 08ක් පමණක් බවය. සියයට 92ක් පවතින්නේ තමන්ගේ පාලනයෙන් බැහැරව බවයි.

“මම ගිය 29 ඉඳලා පාලන මිලට සහල් දෙනවා. එහෙම නැති බිලක් ඉදිරිපත් කළොත් මගේ වී ස්ටොක් එක අදාල කෙනාට දෙනවා.” ඩඩ්ලි සිරිසේන කීවේය.

කෙසේ වෙතත් තමන් නීත්‍යානුකූලව කටයුතු කරන බවත් ජනාධිපතිවරයාට ජනාධිපතිවරයා විසින් නිවැරදිව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන නීතියට තමන් ඇත්තටම බය බව කී ඩඩ්ලි සිරිසේන නීතියට බය නැති ක්‍රමවේදය රටට අත් කර දුන් ප්‍රතිඵල තමන් වගේම මේ රටේ සියලුම ජනතාව දන්නා බව කීවේය.

‘ඒ නිසා නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව මම සියයට සීයක් එකඟ වෙලා ජනාධිපති තුමා එක්ක කටයුතු කරන්නයි මගේ ඉදිරි සැලැස්ම තියෙන්නේ.”

“අනිවාර්යයෙන් සහල් මිලේ සහන ලබා දෙන්න ඕන. ගොවියන් විසින් නිශ්පාදනය කරනු ලබන වී ප්‍රමාණ පිළිබඳව ගොවියො දැනුම්වත් කරලා ප්‍රතිශතයක් ලෙස සියයට හැටක් නාඩු වීත් ඉතිරි සියයට හතලිහ සම්බා, කීරි සම්බා, රතු වී වාගේ කුඹුරු වැඩ කළොත් ගොවියාටත් ඉතාම උසස් මිලක් ලබා ගන්න පුලුවන්. මේක ඇතිවිය යුතු ප්‍රශ්නයක් නෙමෙයි. නොසැලකිලිමත් කම නිසා ඇති වුන තත්ත්වයක් තමයි තියෙන්නේ. මම ජනාධිපතිතුමාට මේ ගැන දැනුම් වත් කළා”

ඩඩ්ලි සිරිසේන පැවසුවේ අනවශ්‍ය භීතියක් ඇතිකරගත යුතු නැති බවත්, මාස දෙකකට අවශ්‍ය වී ප්‍රමාණයක් රට තුළ තිබෙන බවත්ය.

“මම ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටියා ජනවාරි මාසේ අස්වනු නෙලුවට පස්සේ සහල් තොග සහ සිල්ලර මිලක්, මේක විශේෂයෙන් යන්න ඕන. වෙළෙන්දට වී මෝලෙන් සැපයිය යුතු මිලත් සිල්ලර මිලත් වශයෙන් මිල දෙකක් ප්‍රකාශ කරන්න ඕන.” ඩඩලි සිරිසේන පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සහල් පාලන මිලේ වෙනසක් නෑ… ව්‍යාපාරිකයාත් පාරිභෝගිකයාත් ආරක්ෂාවෙන නව වැඩකට යමු… ජනපති මෝල් හිමියන්ට කියයි!

Next Post

මූලික අයිතිවාසිකම් පෙත්සමක වග  උත්තරකරුවෙක් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කරයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.