සහල් ආනයනයට දී තිබු කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ.
වෙළෙද පාරිභෝගික සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සඳහන් කළේ එම කාලයෙන් අනතුරුව දිවයිනට ලඟාවන සහල් තොග හරවා යවන බවය.
සහල් ආනයනයට දුන් අවස්ථාව උපයෝගී කරගනිමින් මේ වනවට සහල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසි පන් දහසකට අධික ප්‍රමාණයක් ආනයනයක කර තිබේ.
රාජ්‍ය වාණිජ විවිධ නීතිග සංස්ථාව විසින් දිවයිනට සහල් මෙට්‍රික් ටොන් පන් දහසක් ආනයනය කර ඇත.







